(ටී.කේ.ජී.කපිල )
 
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලින් ජුරි මහත්මිය අද(10)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් පැමිණි ඇය පිළිගැනීමට විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

විශේෂ රිය පෙරහැරකින් ජූරි මහත්මිය කොළඹ බලා පිටත්වූවාය.