IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 90ක බීඩී කොළ තොගයක් කල්පිටි මුහුදු තීරයෙන් අත්අඩංගුවට

(  එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර  )

දකුණ ඉන්දියවේ සිට බෝට්ටු 03 හොර රහසේ කල්පිටිය මුහුදු තීරයට ගෙනවිත් ප්‍රවාහනයට  සුදානම් කර තිබූ ලක්ෂ 90 ක් පමණ  වටිනාකමකින් යුක්ත බව කියන  බීඩි කොළ තොගයක් සමඟ  එක් සැකකරුවකු සහ ලොරි රථය  අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලීස කියයි.
 
පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් පොලිසියට  ලැබුණු තොරතුරකය අනුව   අද (18)   අලුයම මෝහොත්තුවාරම දූපත් ප්‍රවේශ මාර්ගයේ  වෙරළ තීරයේදී මෙම  වැටලීම සිදු කර ඇත.
 
කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට අයිති ලොරි රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය සිදු කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් නිළධාරින් සැඟවී සිට ඉතා සූක්ෂම අයුරින්  අත් අඩංගුවට ගෙන තිබේ.
 
ලොරි රථයේ රියදුරු හා තවත් දෙදෙනකු පලා ගොස් ඇති අතර බීඩි කොළ මිටි පැටවීමට පැමිණි මාතර දික්වැල්ල පදිංචි කරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. 
 
අත් අඩංගුවට ගත් ලොරියට පටවා ප්‍රවාහණයට සුදානම් කර තිබු , ඉතා සුරක්ෂිතව අසුරා තිබූ විවිධ ප්‍රමාණයේ බීඩි කොළ මිටි 48 ක  ක කිලෝ  1382.350 ප්‍රමාණයක්  තිබී ඇත. මෙම බීඩි කොළ තොගය මෙලෙස හොර රහසේ  ඉන්දියවේ සිට ගෙන් වීම නිසා රුපියල් ලක්ෂ 50 පමණ තීරුබදු පාඩුවක් රජයට සිදුවී ඇති බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප එච් චන්දන )



අදහස් (0)

ලක්ෂ 90ක බීඩී කොළ තොගයක් කල්පිටි මුහුදු තීරයෙන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site