(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.
මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයි කීය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව කියන එකට හිර දඬුවම් ලබන මිනීමරුවන්ට එන්න පුලුවන්... උසාවියට අපහාස කරපු කෙනෙකුට එන්න බෑ.. මාර පාර්ලිමේන්තුවක්නේ ලංකාවේ තියෙන්නේ...
අලි සබ්රිගේ අලි වැඩ, අපේ රන්ජාව හිරේ දැම්මා...
ලන්සා කොහොමහරි බලන්නේ රන්ජන්ව දේශපාලනයෙන් ඈත් කරන්න. හේතුව රන්ජන් හැමදාම ලන්සාට වැඩියෙන් ඡන්දෙ ගන්නවා.
එක රටක්... එක නීතියක්...
පාර්ලිමේන්තු මන්ත්‍රී වුණත්, සාමාන්‍ය ජනතාව වුණත් අධිකරණයට අපහාස කළොත් දඬුවම් ලැබෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. දැන දැන වැරැදි කරලා, බොරුවට මෙතන අඬන්නේ නැතිව ඉන්න.
රන්ජන් ඔය ජරාවට යන්න ඔච්චර දගලන්න එපා. ඔතනට එන්නේ කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ, බාර්කාරයෝ, රන්මාල හොරු, මුදල් හොරු, ළගදී පොහොසත් වූ අය, ඔබ ඉන්න තැනට එන්නේ.
අහිංසක මහජනයාගේ මුදල් මහදවල් කොල්ලකමින් කෝටිපතියන්ව ඉන්නා දුෂිතයින්ට,හොර තක්කඩි දේශපාලුවන්ට, කුඩු මුදලාලිලාට මිනී මරුවන්ට අදවගේ සතුටුදායක දවසක් ආයේ ජීවිතේට එන එකක් නැහැ.
අශිෂ්ඨයින්ගේ රටේ, මිලේච්ජයෝ වගේ ජීවත් නොවී ඇත්ත කියන්න ගියාට රන්ජන්ට හොඳ පාඩම? කුඩු ටිකක් විකුණගෙන, වැලි කන්දක් කපාගෙන ජීවත් නොවී හොරු ගැන කියන්න ගියාට හොඳ වැඩේ.. බල්ලෝ වගේ ජීවත් නොවී මනුස්සයෝ වගේ ජීවත් වෙන්න හදනවා බලු කූඩුව ඇතුලේ ඉඳගෙන?? පිස්සුද මන්දා ඒ මනුස්සයාට??
අනාගතයේදී තමන්ට විරුද්ධ වෙන අයගේ කටවල් වහන්න කටයුතු කරන එක දූෂිත බොහෝ රටවල කරන දෙයක්...
දැන් ලොකුම ප්‍රශ්නේ රන්ජගේ ආසනේ නැති වුණු එකද? සජිතුත් අන්තිම මොහොතේ කතා නායක අල්ලං වැඩේ බේරගන්න කෑ ගැහැව්වට ටූ ලේට්. රටනම් මේ කපේට ගොඩ යන්නේ නෑ. අවංක දේශපාලකයින් ටිකක්, අවංක ජනතා බහුතරයක්, අවංක නිලධාරින් කණ්ඩායමක් එකතුව නිස්සරනාධ්‍යාශයෙන් වැඩ කළොත් රට ගොඩ ගැනීම අමාරු නෑ. ඒත් ඒක සිහිනයක් කවදා හෝ සැබෑ නොවන....
රන්ජන් බොරුකාරයෙක් නෙමෙයි.
කට හින්දා විහින් අමාරුවේ වැටුණා
පුටුව විතරක් නොවෙයි තවත් තැන් හිස් වෙනවා