IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රත්නපුර ඇඳිරි නීතිය ලිහිල් නොකරන්නැයි ඉල්ලයි

අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර දිස්ත‍්‍රික්කය තුල පවතින ඇදිරිනීතිය ලිහිල් නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා මර්දන කමිටුව රජයට යෝජනා කරයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පනවා ඇති ඇදිරිනීතිය ලබන සදුදා (30) උදේ 06.00ට පැය කිහිපයකට ඉවත් කිරිමට නියමිතය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සබරගමු පළාත් සභාවේ, මධ්‍යම රජයේ, පොලීසියේ , හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා මර්ධන කමිටුව සැදුම්ලත්ය.

පසුගිය 26දා රාත‍්‍රී 07.30ට අවසන්වූ කමිටු රැස්වීමේ දී ඉහත තීරණයට එළඹිනි.

දැනට දැඩි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස හදුන්වා ඇති කොළඹ සහ කලූතර දිස්ත‍්‍රික් දෙකට රත්නපුර දිස්ත‍්‍රික්කය මායිමව ඇති නිසා ඇදිරිනීතිය ලිහිල් කරන වේලාවන් වලදී එම දිස්ත‍්‍රික් දෙකෙන් මහජනයා රත්නපුර දිස්ත‍්‍රික්කයට ඇතුලූවීමට දැඩි උත්සාහයක් ගන්නා බව කමිටුව නියෝජනය කරන පොලීසිය සදහන් කළේය.

එසේම ඇදිරිනීතිය ලිහිල් කළ කාලයේ නගරවලට පැමිණි ජනයා සෞඛ්‍ය උපදෙස් නොතකමින් හැසිරීම වයිරසය පැතිරයාමේ අවදානම ඉහළ නංවන බව සෞඛ්‍ය බලධාරිහු පෙන්වාදුන්හ.

එසේ පැමිණෙන පුද්ගලයන් සම්බන්‍ධයෙන් කොවිඩු 19 වයිරසය ආසාදිතයන් ද, ස්වයං නිරෝධායනයන්ට ලක්වූවන්ද, ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන්ද යන්න සම්බන්‍ධයෙන් සමූපකාර සහ පෞද්ගලික වෙළදුන්ගේ සහාය මත ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණයෙන් ග‍්‍රාමනිලධාරී වසම්වල ජනතාවට නිවෙස් වලට අත්‍යවශ්‍ය ආහාර වර්ග සහ එළවලූ ලබාදීමේ ජංගම වෙළද සේවයක් ආරම්භ කිරීමට ද මෙහිදී තීරණය විය.

එසේ වුවහොත් මහජනයාට කණ්ඩායම් වශයෙන් එක්රැස් වන්නට හෝ නගරයට පැමිණීමට අවශ්‍ය නොවන නිසා ඇදිරිනීතිය දිගටම පවත්වාගෙන යාම සුදුසු බවට දීර්ඝ සාකච්ඡුාවකින් පසු රජයට යෝජනා කිරිමට තීරණය විය.

ඇදිරිනීතිය ක‍්‍රියාත්මක වුව ද වෙනත් රෝග සදහා ප‍්‍රතිකාර ගැනීමේ සෞඛ්‍ය සේවා සහ ඖෂධහල් විවෘතව පවතී.

වෛද්‍යවරයෙකුගේ නිර්දේශිත ඖෂධ තුන්ඩුව ඇදිරීනීති කාලයේ ඖෂධ හලක් වෙත පැමිණීමේ දී ආරක්‍ෂක අංශවලට පෙන්නූ විට ඇදිරිනීති කඩකිරීමට යටත් නොවන බව පොලීසිය මෙහිදී සදහන් කළේය.



අදහස් (4)

රත්නපුර ඇඳිරි නීතිය ලිහිල් නොකරන්නැයි ඉල්ලයි

Chaminda Friday, 27 March 2020 09:29 AM

එය ඉතා හොඳ පියවරකි

:       3       3

චමින්දFriday, 27 March 2020 11:26 AM

2020.03.26 දින ඇඳරි නීතිය ඉවත්කල අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයේ මායිම් නගරයක්වූ ඇහැලියගොඩ නගරයට බස්නාහිර පලාතේ වාහන පැමිණීම නිසා තිබුන තදබදය අනුව මෙම අදහස සත්‍ය බවක් පේනවා.

:       0       2

Chaminda Friday, 27 March 2020 09:34 AM

සමහර බාහිර පුද්ගලයින් තවමත් රත්නපුර දිස්ත්‍රික්කයේ රැඳී සිටිති

:       0       1

chaminda Friday, 27 March 2020 11:53 AM

මෙම කමිටුවේ ප්‍රධානත්වය දැරූ දෙදෙනාම මෙම දිස්ත්‍රික්කයේ අය නොවන නිසා රත්නපුරයට ඇඳිරිනීතිය ‌නොකඩවා පවත්වන්න කියනවා ඇති. බස්නාහිර පළාතේ ඉංගිරිය වැනි ප්‍රදේශවලින් රත්නපුරයට එන්න පුළුවන් වගේම රත්නපුරට කොළඹ පාරේනුත් බස්නාහිර පළාතේ අයට එන්න පුළුවන්. නමුත් කොළඹ පාරෙන් එනවිට පලමුව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් (අවිස්සාවේල්ල හා දිවුරු්ටිය අතර කොටස) මාර්ගයක එන්නත් වෙනවා. ඒ වගේම අවිස්සාවේල්ල සිට එක් පැත්තක් කෑගල්ල දිස්ත්‍රික්කය වෙනවා.එනිසා කරනවානම් කෑගල්ල දිස්ත්‍රික්කයටත් ඇදිරි නීතිය ලිිහිල් නොකළ යුතුය.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site