IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

(ඉන්දිකා රාමනායක)
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.

හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙන් ජනාධිපතිවරයා මෙම නව පත්වීම සිදුකර ඇත.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙයට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයට අණ දෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දක්ෂ නිලධාරියකු වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පිදුම් ලබා තිබුණි.

ශවේන්ද්‍ර සිල්වා මහතා මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.

 



අදහස් (75)

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

Perera Monday, 19 August 2019 08:02 AM

ඉතාම හොද තේරීමක්. මේක මීට ඉස්සෙල්ල වෙන්න තිබ්බේ.

:       728       1067

Rasitha Monday, 19 August 2019 08:03 AM

මාතෘභූමියට ජයවේවා!!....

:       0       553

අතුල Monday, 19 August 2019 08:04 AM

රට තුළ සිදුවිය යුතු වෙනස්කම් සිදුවෙමින් පවතී. මගේ රට දීනේවා ! ඔබට අපේ උණුසුම් සුභ පැතුම් !

:       919       1268

DILUM Monday, 19 August 2019 08:04 AM

කට්ටඩියා තොවිලේට අාවා. යක්කු පරිස්සමින්...

:       1059       1236

p.d goonawardena Monday, 19 August 2019 08:09 AM

හදවතින්ම සුභ පතනවා . ඔබට තෙරුවන් සරණයි !

:       546       830

Raveendra Monday, 19 August 2019 08:13 AM

ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!!! අභීත රණවිරුවෙක් ලෙස නම් දරා සිටින ඔබට ඉදිරියේදීත් එලෙසම අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් වලින් වැටුප් ලබන මහජන සේවකයෙක් හැටියට නිර්භීතව අවංකව තම මාතෘ භූමියට සේවය කිරීමට හැකි වේවා !!!!!

:       1319       4659

MaheeMonday, 19 August 2019 10:13 AM

ඔබේ පැතුම සමගත් ඔබ ව්‍යංගයෙන් කියන දේ සමගත් මමත් එක්වෙනවා. ඉදිරියේදීත් හමුදාව දේශපාලනයට ඇදගන්න දරන උත්සාහයන් තිබේවි. ඒවාට අහුනොවී එඩිතරව කටයුතු කරන්න ශවේන්ද්‍ර වීරයාට හැකිවේවා...!!!

:       327       397

RaveendraMonday, 19 August 2019 10:53 AM

මහී මයා වෙත, ඔබ 100%ක් නිවැරදිය. එමෙන්ම කිසිවෙකු තම උපන් මව්බිමට අවංකව නිර්භීතව කශේරුකාව ඍජුව තබාගෙන "තම වගකීම් හා යුතුකම්" උපන් රට වෙනුවෙන් කිරීම තමන් උපන් ඒ සුන්දරබිමට කරන කෘතගුණ සැලකීමකි. එවන් මිනිසුන්ට කිසිදින වරදින්නේද නැත. එමෙන්ම රටට අවංකවම ආදරය කරන අහිංසක මිනිසුන්ගේ ආශිර්වාදය නිරතුරුවම එවන් මිනිසුන්ට ලැබීමත් ඔවුන් ලබන භාග්‍යයකි..

:       0       195

rama Monday, 19 August 2019 08:23 AM

ඔබට සුභ පැතුම් . ඔබ වැනි අය රටට අවශ්‍යයි .

:       117       922

PURAN APPU Monday, 19 August 2019 08:29 AM

හොඳ වැඩක් නියම ජාතික වීරයෙක් . මගේ සුභාශිංසන මහතාණනි .

:       210       552

Lion Monday, 19 August 2019 08:33 AM

තීරණය නිවැරදිද?

:       306       268

රවින් Monday, 19 August 2019 08:33 AM

යාන්තන් ඇති. කලකට පස්සේ හිටන් පිස්සු තීරණ නැතිව නිවැරදි තීරණයක් අරන් තියනවා...

:       126       466

Sugath Premalal Monday, 19 August 2019 08:36 AM

තෙරුවන් සරණයි ඔබතුමාට.. රටට, දැයට සේවයක් කළ සේවයක් කරන්න පුළුවන් මිනිස්සු..!!! ජයවේවා!!!

:       111       273

isurandi Monday, 19 August 2019 08:45 AM

අභීත රණවිරුවෙක් හැටියට ඉදිරියටත් කටයුතු කරන්න ලැබෙයි... හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි.

:       28       233

ජයන්ත මිලානෝ Monday, 19 August 2019 08:45 AM

ඔබතුමා රටට කල අනර්ඝ සේවය අගේ කරමු. ඔබට ජය...!!! 

:       54       254

උපුල් තම්මිට. Monday, 19 August 2019 08:49 AM

ඔබ රජරටත් නියෝජනය කරමින් පාසැල් අධ්‍යාපනය ලැබූවෙක්... ඔබට උණුසුම් සුබපැතුම්..!!!

:       56       91

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 19 August 2019 08:55 AM

උණුසුම් සුභ පැතුම් ඒක්කරමි ඔබතුමාට ! කාලයටම උචිත සෙන්පතියෙක්...සතුටුයි සුදුස්සාට සුදුසු තැන ලැබීම පිළිබදව .

:       53       180

මම නොවන මම Monday, 19 August 2019 08:59 AM

යුධ අපරාධ චෝදනා ගොඩක් තියන අය මෙහෙම පත් කළාම රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වෙනව නේද ?

:       1480       314

Sugath PremalalMonday, 19 August 2019 09:39 AM

අපි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕනෑ... කෙසේ හෝ වේවා කිසිම හේතුවක් නැතුව කාට හෝ අපසාහ කරනවා නම් කාටවුවත් සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා නියතයි. මෙතුමලා ජීවිත පරදුවට තබා, තම පුද්ගලික ජීවිතය පවා අමතකකර අපි වෙනුවෙන්, රට වෙනුවන් වැඩ කරේ...

:       69       323

anura UAEMonday, 19 August 2019 09:40 AM

අභීත රණවිරුවෙක්... අපේ සුබපැතුම්..!!! රටතුළ සිදුවිය යුතු වෙනස්කම් සිදුවෙමින් පවතියි. මගේ රට දිනේවා...!!!

:       56       148

anura UAEMonday, 19 August 2019 09:41 AM

මා නොවන මම දිවියෙකි...

:       54       222

DILUMMonday, 19 August 2019 09:43 AM

චෝදනා එල්ල කලේ කව්ද? ඔප්පු වෙලාද? එහෙම අපකීර්තියට පත්වෙනවා නම් අගමැති ඉඳන්ඉන්නේ බැංකුව කඩපු ලෝක හොරුනේ... ජේසුටත්, බුදුහාමුදුරුවන්ටත් චෝදනා තිබ්බනේ.. නිකන් කටට අාව පලියට දොඩවන්න එපා මහත්තයෝ. ජාතික වීරයින්ට අපහාස වෙන විදියට...

:       107       640

PradeepMonday, 19 August 2019 10:39 AM

මෙය ඉතා හොඳයි..

:       61       159

RaveendraMonday, 19 August 2019 10:58 AM

මම නොවන මම මයා වෙත, ඔබට ගැලපෙනම සහ ඉතාමත් සුදුසුම නම සඳහන් කිරීම පිළිබඳව අප ඔබට ස්තුති්‍වන්ත වන්නෙමු.

:       84       130

lalithm Monday, 19 August 2019 09:00 AM

තීරණය හොඳයි. ඒත් කොච්චර කාලෙකටද?

:       74       72

ධම්ම Monday, 19 August 2019 09:16 AM

පූජිත ජයසුන්දර මහතා පොලිස්පති තනතුරට පත්වනතුරුම ඉතාමත් ජනප්‍රිය, දක්ෂ, නිහතමානී, නීතිගරුක නිලධාරියෙක් ලෙස නම්දරා සිටියා. එහෙත් එතුමා පොලිස්පති වී නුවර පෙරහරේ නටන්න ගියා, වේදිකාවේ සිංදු කිව්වා, තව නොයෙකුත් තනතුරට නොගැලපෙන දේ කරන්න ගියා. ඔබට එසේ නොවේවා..!

:       45       99

RaveendraMonday, 19 August 2019 11:10 AM

කූඩැල්ලන්ට කොහොමත් "වතුරේ " ඉන්න බැහැයිලුනේ...

:       0       49

Hafeel Monday, 19 August 2019 09:20 AM

ඔබට මාගේ සුබපැතුම්... ඉතා නිවැරදි පත්වීම.

:       56       162

nuwan Monday, 19 August 2019 09:20 AM

සිංහ පරපුරේ තවත් සිංහයෙක් කරලියට ජයවේවා...!!! නරි හිවල්ලුන්ට හැංගෙන්න තැන හොයාගන්න වෙයි.

:       59       535

sirimal Monday, 19 August 2019 09:23 AM

අර අපේක්ෂකයාට නම් එයා හමුදාපති වුණාවගේ දැනෙනවා ඇති. වැඩබලන පොලිස්පතිත් ඒ අපේක්ෂකයාට සුබපතපු එකේ අනිත් කට්ටිය ඡන්දෙ දිනලා හමාරයි.

:       641       712

සේන Monday, 19 August 2019 09:25 AM

දෑසට කඳුළු උනන තරම් සතුටක්. මෙතුමා අපට තවත් රජෙක්. තෙරුවන් සරණයි මගේ උතුම් මාතෘ භූමියට. ස්තුතියි ජනාධිපතිතුමාට...!!!

:       107       214

FAIROOS Monday, 19 August 2019 09:33 AM

සුබ පැතුම්..!

:       100       114

wimal Monday, 19 August 2019 09:37 AM

හොඳවැඩක්... රටේ ආරක්ෂාව හොඳ අතට යනවා. ජයවේවා...!!!

:       127       142

janahitha Monday, 19 August 2019 09:44 AM

අද හමුදාපති හෙට ආරක්ෂක ඇමති ගෝඨා සැලසුම් අංක 1.. අපේ සුබපැතුම්.. යූ.එන්.පී. දේශපාලන දුර්වල නිර්දේශ අවසාන වී ඇත.

:       122       348

W.G.S Rukman Monday, 19 August 2019 09:49 AM

හරිම ආඩම්බර සතුටක් දැනුනේ මේ සිදුවීම දැක්කම... හරි දේ වෙන්න පරක්කු වෙන එක තමයි දුක... අවස්ථා කීපයකදී දේශපාලන නායකයන් සතුරන්ට අතටඅත දෙන කොට පස්සට වෙලා අතනොදී ආඩම්බරකමට ඉදපු නියම සිංහලයෙක්... උපන් රටට ණයක් නැති ඇත්ත කතාකරන නියම නායකයෙක් බව මැයි 18, 2009 දින ලංකාවටම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු නියම වීරයෙක්... හදවතින්ම සුබපතනවා. දේශපාලනයට යටනොවී කෙලින් වැඩකරන්න ශක්තිය ලැබේවා..!!!

:       112       154

dilum udugamasuriya Monday, 19 August 2019 10:13 AM

අපේ කාලයේ වීරයෙක්. උතුම් ගතිගුණ තියෙන නියම ශ්‍රී ලාංකිකයෙක්. මගේ සුබපැතුම් ...!!!

:       122       168

dilan Monday, 19 August 2019 10:23 AM

සැබෑ හදවතින්ම සුබපැතුම්!!! අනෙකුත් "ෆීල්ඩ් මාෂල්ලා" "ජෙනරාල්ලා" මෙන් නොව, බොරු සංදර්ශන නැති, නිහඬ, නිහතමානී ඔබතුමාට මෙම "හමුදාපති ඔටුන්න" සැබෑවටම ගැලපේ...

:       348       414

chinthaka Monday, 19 August 2019 10:26 AM

දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩිම දුරක් පාබල හමුදාවක් මෙහෙය වූ ඔබතුමා රටට ආඩම්බරයක්... ඒ වගේම අනෙකුත් නොදැමුණු හමුදාපතිවරුන්ට, ජෙනරාල්ලාට, ෆීල්ඩ්මාෂල්ලාට ආදර්ශයක්... ඔබතුමාට තෙරුවන් සරණයි.. !!!

:       418       434

රවීන්ද්‍ර Monday, 19 August 2019 02:25 PM

"දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩිම දුරක් පාබල හමුදාවක් මෙහෙය වූ.." යුද්ධය ගැන දන්න තරමත් ‌ලෝක‌යේ ‌ලොකුම රට ලංකාව කියා හිතාගෙන තියෙන තරමත් තමයි.. අනේද කියන්නේ..?

:       0       101

ලුම්බිණි Monday, 19 August 2019 11:10 AM

පනින්නට පෙර සිතා බැලිය යුතුයි කියලා කියමනක් තියෙනවා...

:       96       21

nalakaTuesday, 20 August 2019 03:41 AM

නැවත ත්‍රස්තවාදය රටේ හිස එසවුවොත්, අපි සියල්ලටම පනින්නට සිදු වන්නේ මුහුදටයි.

:       18       0

gunarathana Monday, 19 August 2019 11:11 AM

තෙරුවන් සරණයි. මව්බිම සුරැකෙනු ඇති. දෙයක් වේ නම් යම් සුදුස්සාටම හිමිවිය යුතුයි.

:       101       129

Janesh kumar de Silva Monday, 19 August 2019 11:17 AM

සුභ පැතුම් සර්

:       91       116

Sam Monday, 19 August 2019 11:35 AM

ගජබා කට්ටිය රඟපාන්න හරිම දක්ෂයි. මෙයා සහ නන්දිකඩාල් නවකතාකරුගේ වැඩ සහ දිවිලි අපි දැක්කේ කොකාවිල් ඉඳලා. දන්නෝ දනිති. අපි නොදන්නා මොනර තැන්න...

:       2227       1107

සේනMonday, 19 August 2019 01:17 PM

Sam කවුද කියලා ඉඟි කරනවා. රටම නිදහස් කරගත් වීරයින්ට සමච්චල් කරන්න පුලුවන් අසත්පුරුෂයින්ට විතරයි. එහෙම අසත්පුරුෂයින් කිසිම දවසක සත්‍ය දකින්නේ නෑ.

:       164       525

RaveendraMonday, 19 August 2019 02:41 PM

Sam මයා වෙත, ඔබ සඳහන් කළපරිදි දුවන්නත් ඇති, මක්නිසාදයත් යුද්ධයකදී සැමවිටම ජයග්‍රහණයන් ලැබේනම් අප අවුරුදු 30ක් යුද්ධ කිරීමට අවශ්‍ය නැහැ නොවේද? සටනකදී ආපස්සට යාම දිවීමක් ලෙස ඔබ හුවාදැක්වීමට යන්නේ පසුපසට දිවීමක්ද? නැත්නම් සතුරාට බයේ අවි ආයුධ දමා පලායාමක්ද? ඔබට කොන්ද පණතිබේ නම් කෙලින් කතාකරන්න. ඔබ පවසන පරිදි ෆොන්සේකා උන්නැහේ කිසිවිටකත් ආපස්සට දිවීමක් කර නැද්ද? අවස්ථානුකූලව එසේ දිවීමක් කලේ නැත්නම් ඔය කියන ෆොන්සේකාත් නැහැ. ගෝඨත් නැහැ. ප්‍රභාකරනුත් නැහැ. අවුරුදු 30ක් යුද්ධකරන්නත් පෙර... අප සැමවිටම සමබරව කතා කිරීමට උත්සාහ කරමු නේද?

:       371       421

aruni Monday, 19 August 2019 12:08 PM

රටේ ආරක්ෂාව කෙසේවෙතත් හෙට, අනිද්දා එක්සත් ජාතින් අපිට සම්බාධක දැම්මොත්.. කාලා වරෙල්ලකෝ..

:       252       57

RangaMonday, 19 August 2019 01:19 PM

වීරයින්ව අගය කරන කොට බූරුවන්ට මරු ජුවල් නගිනව නේද නංගි..!

:       56       193

Chanak los angelesMonday, 19 August 2019 09:05 PM

දී ඇති පොරොන්දු වලට අනූව තමන් වරදක් කර ඇතිද නැද්ද යන්න තමාගේ සිත හොඳින් දනී .ඔබ කලබල නොවී ඉන්න .

:       0       0

gamini abeykoon Monday, 19 August 2019 01:38 PM

ඔබතුමාට අපගේ සුභාසිංසනය. ඔබතුමාගේ කාර්ය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!

:       59       106

Piyantha Monday, 19 August 2019 01:57 PM

හොඳවැඩක්.. රටේ ආරක්ෂාව හොඳ අතට යනවා. ජයවේවා...!! හදවතින්ම සුබපතනවා..

:       61       108

Piyantha Monday, 19 August 2019 01:57 PM

හොඳවැඩක්... රටේ ආරක්ෂාව හොඳඅතට යනවා. ජයවේවා...!! හදවතින්ම සුබපතනවා .

:       56       70

saman Monday, 19 August 2019 02:00 PM

කොළඹ නොවන පාසලකින් පැමිණි පළමු යුද හමුදාපති. බෙල්ල කැපිලා ගියත් හරි දේ විතරක් කරන්න සර්... සොල්දාදුවාගේ වගකීම දේශපාලකයාගෙන් රට ආරක්ෂා කර ගැනීමයි.

:       78       112

Kumara Monday, 19 August 2019 02:04 PM

ඔබතුමාට තෙරුවන් සරණයි...!

:       63       83

BEAU Monday, 19 August 2019 02:23 PM

ඔන්න මම ජීවිතේට දැකපු හාස්කමක් ලංකාවේ. පළමු වරට සුදුස්සාට තැනදීම.. හරියට හරි මේ තීරණය... ජෙනරාල්තුමා ඔබට තෙරුවන් සරණයි... ජයවේවා...!!!

:       52       116

Appuhami Monday, 19 August 2019 02:47 PM

දැන්නම් හිටන් විකාර කරන එක අඩුවෙලා වගේ පේන්නේ..

:       49       65

Ruwan Monday, 19 August 2019 02:47 PM

සුපිරි වැඩ්ඩෙක්...!!!!

:       55       118

Asanka Monday, 19 August 2019 02:57 PM

රටපුරා පල්ලි වලින් කඩු දහස් ගණන් අල්ලද්දී ඒවා මාධ්‍යවල නොපෙන්වන ලෙසත්, මාධ්‍ය ඒ ගැන ප්‍රශ්න කරන විට" මගේ ගෙදරත් කඩු පහක්ම තියනවා... ඕවා සුළු දේවල් "තවද" අහවල් ඇමැතිතුමා මට 5 වරක් කෝල් කලත් ඔහුගේ අත්අඩංගුවට ගත් නෑයා නිදහස්කරන්න කියා කිසිවිට බලපෑම් කලේ නැහැ " මෙවැනි විහිලු සහගත කියමන් ඔබතුමාගේ සේවා කාලයේදී කිසිවිට අසන්නට නොලැබේවායි කියා ඔබට සුබපතමු...

:       203       314

amith Monday, 19 August 2019 03:04 PM

කොබ්බැකඩුව, සරත් ෆොන්සේකා සහ ඔබ ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදාවල විරුවන්ගේ නම් අපේ ඉතිහසායේ රන් අකුරින් ලියවී හමාරයි. බුදු සරණයි ඔබට.!!!

:       0       30

chandima Monday, 19 August 2019 03:08 PM

කලගුණ සැලකීමක් විදියට ඉතාම හොඳ දෙයක් කලේ. නමුත් එතුමා එදා ත්‍රස්තවාදීන් සමග යුද්ධකර බේරාගත් රටට අද සිද්ධ වෙලා තියෙන්නේ දියුණු රටවල වෙළඳපොල දිනාගනිමින් කළයුතු ආර්ථික යුද්ධයක්. යම් විදියකින් එතුමාගේ පත්වීම ඒ ආර්ථික යුද්ධයට කඩතුරාවක් බව එතුමාට වැටහෙනවා නම්, එතුමා මේ යුද්ධයෙන් රට බේරාගැනීමට රටට සහායවීමට ගතයුතු පියවර ගනීවි යයි සිතෙනවා. නමුත් එතුමා මේ තනතුරට පත් කිරීම සහ එම ගෞරවය ලබාදීම අත්‍යාවශ්‍ය කටයුත්තක් වුණා. දැන් ඒ ක්‍රියාව සම්පූර්ණයි. එතුමාගේ ඉතිරි කාලය අභිමානවත් ලෙස විශ්‍රාමිකව ගත කිරීමට, හැකියාවක් ඇතිනම්, නම් ජනරාල් තනතුරක් වුණත් දීමේ වරදක් නොපෙනේ...

:       53       42

PA - RA Monday, 19 August 2019 03:41 PM

හොඳටම යුද පලපුරුදු ඇති නිලධාරියෙකි.

:       58       137

disanayaka Monday, 19 August 2019 04:18 PM

හොඳම තීරණයක්... මෙතුමාට මේ තැන දීම. පර සුද්දන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ අපේ රට ගැන. ඔවුන්ට මොකද අපේ රටේ නියම වීර සිංහලයන් නියම තැනට එන එක ගැන තියෙන්නේ. මේක අපේ රට. පර සුද්දන්ගේ රටක් නෙමෙයි මේක.

:       112       402

wije Monday, 19 August 2019 04:56 PM

අපේ රටේ හමුදාපතිවරයා පත්කරන්න ඕනෑ අපේ රටට ඕනෑ විදියට මිසක් ඇමෙරිකාවට ඕනෑ විදියට නෙවෙයි. අපගේ උණුසුම් සුබපැතුම්...!!! කාලෙකට පස්සේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා. ඔබතුමාට පැවරුණු වගකීම නොපිරිහෙලා ඉටුකරන බව අපි දන්නවා. ඔබට ජය යුද හමුදාපතිතුමනි. කොහොමත් මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රට හදන්න අවංක ඕනෑකමක් තියන ජනාධිපතිවරයෙක් කියලා අපි දන්නවා. නමුත් රටේ අවාසනාවට එතුමා වික්‍රමසිංහ මහත්තයාගේ ගැටේට අහුවෙලා 19වෙනි සංශෝධනයෙන් එතුමාගේ බලතල අඩුකරගත්තා. එහෙම නොවුණානම් මේ වෙනකොට මේ රටේ ගොඩක් තැන් නිවැරදි වෙලා..

:       0       1

siri Monday, 19 August 2019 07:27 PM

විය යුතු දේ පසුව හෝ වීම ගැන සතුටුයි. පෙරළියක පෙර නිමිති පෙනෙමින් පවතී. ඔබට තෙරුවන් සරණයි!

:       53       137

chandima Monday, 19 August 2019 11:41 PM

මෙතුමා හමුදාපති තනතුරට පත්කිරීමට සමහර රටවල් සහ ජාත්‍යන්තර ආයතන දැනටම අවි අමෝරාගෙන සිටිනවා. ඒ රටවල් පැත්තෙන් ගත්තහම මොහු ප්‍රභාකරන් විනාශ කිරීමෙන් කලේ ඒ රටවල්වල අභිමතාර්ථයට විරුද්ධව යාමක්, එරටවල් පැත්තෙන් ගත කල ඔවුන්ගේ රටවල පරමාර්ථයන් අභිලාෂයන් ඒ රටවල උන්නතිය සඳහායි. එමෙන්ම ලංකාව පැත්තෙන් ගත කල ශවේන්ද්‍ර සිල්වා කලේ ලංකාවේ අභිමතාර්ථයන් සහ උන්නතිය වෙනුවෙනුයි. ඔය සිද්දිය දිහා බලන්නේ කොයි රටේ සිටද කියන එක මත ශවේන්ද්‍ර සිල්වා වීරයෙක්ද, ද්‍රෝහියෙක්ද කියන එක තීරණය වෙනවා. කෙසේ වෙතත් අපේ රටේ ආර්ථික උන්නතිය සඳහා මේ කියන රටවල් සමග ගනුදෙනු කිරීමට සිදු වෙනවා. ජාතික අදායමින් සියයට හැත්තෑ පහකටත් වඩා වැඩියෙන් ණය වාරික ගෙවන රටක්, එදිනෙද වියදම් පියවාගැනීමට තව තවත් දිගින් දිගටම ණය ගන්න රටක් ලෙස මේ අවස්ථාවේ ජාති මාමකයින් පිනවා පලක් වෙයි සිත බැලීම කල යුතුයි. එමෙන්ම ශවේන්ද්‍ර සිල්වා මහතාගේත් වගකීම විය යුත්තේ රටේ ආර්ථික උන්නතිය තකා සුදුසු පියවරක් ගැනීමයි.

:       0       13

දර්ශන Tuesday, 20 August 2019 01:14 AM

මාතලේට අභිමානයක් .... සුභ පැතුම් .....

:       0       65

මුණසිංහ Tuesday, 20 August 2019 01:35 AM

මෙතුමා යුද්ධ කෙළේ අැමරිකා උපදෙස් අනුව ෙනාෙවයි. එදා වෙග්ම අභීත ගමනක් යමු. අපි සුබ පතමු.

:       0       30

nihal Tuesday, 20 August 2019 03:35 AM

අභීත මෙතුමා මේ තනතුරට පත්වීම ගැන මුළු රටම සතුටට පත් වෙනවා ..

:       0       24

nimal Tuesday, 20 August 2019 04:33 AM

ඔබට ජයෙන් ජය . දෙවි පිහිටයි

:       0       23

Vijitha Tuesday, 20 August 2019 06:01 AM

ජයෙන් ජය ඔබ අද එදා වගේම කැපවීමෙන් රට වෙනුවන් සේවය කරන්න ශක්තිය දිරිය ලැබෙවා පතමි.

:       0       0

Anuradha. Tuesday, 20 August 2019 11:13 AM

ඔබ තුමාට උණුසුම් සුභ පැතුම්!

:       0       0

Rohan Dayadara Paris Tuesday, 20 August 2019 02:50 PM

වසර 32 ක දරුණු කුරිරු මෙලෙජ්ජ ත්‍රස්තවාදය නිමා කිරී මට ඔබදුන් දායකත්වය සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් සනිටුවහන් වේ. නව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිතුමනි මේ උණුසුම් සුභ පැතුම් එක්කරන්නේ ප්‍රංශයේ සිට රොහාන් දයාදර

:       0       3

Chanak los angelesThursday, 22 August 2019 01:51 AM

කුරිරු යුද්ධය නිම කිරීමට දායකත්වය දුන්නාට ප්‍රණාමය හිමිකර දීමට අපිත් කැමතියි . නමුත් යුධ අපරාධ වෙලානම් කොහොමද ප්‍රණාමය දෙන්නේ ?

:       2       0

rukshan Thursday, 22 August 2019 02:12 AM

තීරණාත්මක පණිචිඩයකි. ජනපතිවරණයට මුල පිරේවි.

:       0       1

Chanak los angeles Thursday, 22 August 2019 04:58 AM

ලංකාවේ හමුදා ප්‍රධානියා ප්‍රකට යුද අපරාධ කාරයෙක් නිසා ඇමරිකාවට ලංකාව සමඟ මිලිටරි සම්බන්ධතාවයක් තියා ගන්න බෑ. ඩො. මිලියන 480ක MCC ප්‍රදානයත් නතර ‌වේවි... ආ‌‌‌යෝජකයෝත් පස්ස ගහවි... ඇමරිකානු රාජ්‍ය ‌දෙපාර්තමේන්තු‌වෙන් ලංකාවට බරපතල අනතුරු ඇඟවීමක් කියා රොයිටර් සේවය වාර්තා කරලාලු... බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාව සිය හමුදාවේ ප්‍රධානියා ලෙස පත්කිරීම එක්සත් ජනපද හමුදා සහයෝගීතාවයට සහ එක්සත් ජනපදය ලංකාවේ කරන ආයෝජනයට බලපානු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පසුගිය අඟහරුවාදා අනතුරු ඇඟවූූ බව ‌වොෂිංටනයේ සිටින ‌රොයිටර් වාර්තාකරු පවසයි. “‌‌මෙය අධික උණුසුම් දේශපාලන වාතාවරණයක් ඇති කරවන අතර සමහර දේශපාලන කණ්ඩායම් ජාතිවාදී කාඩ් ක්‍රීඩා කිරීමෙන් බොහෝ වාසි ලබාගත හැකි යැයි හැඟේ” යි එම නිලධාරියා පැවසීය. "මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැහැදිලි හා මනාව ලේඛනගත කර ඇති ජෙනරාල්වරයෙකුගේ ප්‍රවර්ධනය තුළින් එකී ජාතිවාදී කාඩ්පත ක්‍රීඩාකිරීම අවාසනාවකි. මේ පිළිබඳ අපි ගැඹුරින් කරදර වෙනවා. "ඇමරිකානු රාජ්‍ය ‌දෙපාර්තමේන්තු නිලධාරියා කීවේය. කියා වාර්තා කර ඇත...

:       8       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 137 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 666 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 446 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 73 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1486 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3309 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site