IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


දරුවන් පාසල් ගෙන්වන්න තිබෙන විශාලම අභියෝගය පොදු ප්‍රවාහනයයි

හර්ෂණ තුෂාර සිල්වා

පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් සතියක් හෝ දෙකක් පමණ ගතවනු ඇතැයි අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (28) පැවැසීය.

පාසල් තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි වුවත් දරුවන් පැමිණෙන පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි ද එය දැනට තිබෙන විශාලතම අභියෝගය යැයි ද අමාත්‍යවරයා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කරුණු සඳහන් කළේය.

පාසල් දරුවන් ලක්ෂ 43න් අඩකට වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිත කරන බවද එබැවින් දරුවන් පාසල් තුළදී සෞඛ්‍යාරක්ෂිත වුවත් ඔවුන් පාසල්වලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙන බවද හෙතෙම කීය.

පාසල්වලට සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීමටත් පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති ගැටලුව නිරාකරණය කරගැනීමටත් තවත් සතියක් දෙකක් පමණ ගතවනු ඇතැයි ද ඔහු කීවේය.

දරුවන් පාසල්වලට ගෙන්වන්නේ අවසන් පියවර ලෙස යැයි ද පාසල් විවෘත කරන්නේ පියවර කිහිපයක් යටතේ යැයි ද සඳහන් කළ අමාත්‍යවරයා මුලින්ම පාසල්වලට ගෙන්වන්නේ උසස් පෙළ දරුවන් යැයිද කීය.

දරුවන් පාසල්වලට ගෙන්වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ පසුව යැයිද අමාත්‍යවරයා එහිදි තහවුරු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීය.

‘‘පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. පාසල් විවෘත කිරීම සහ දරුවන් පාසල්වලට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් අපි ඇගයීමක් කරනවා. මූලික තත්ත්ව සම්බන්ධයෙන් අපි විමසීමක් කරනවා. දවස් 69කට පස්සේ මුළුමනින්ම ඇඳිරි නීතිය ඉවත් කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අධ්‍යයනයක් කරනවා. රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ඉතාම සංවේදී කරුණ තමයි දරුවන් පාසල්වලට ගෙන්වාගැනීම හා පාසල් විවෘත කිරීම. ඒක නිසා මේ සතිය අධ්‍යයන සතියක්. රට කොහොමද හැසිරෙන්නේ? පොදු ප්‍රවාහන සේවා හැසිරෙන්නේ කොහොමද? අලුතෙන් ඇතිවෙන්න පුළුවන් තත්ත්ව මොනවාද? යන කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් මේ සතියේදී ලබාගන්න පුළුවන්.

ඒ වගේ අනෙක් පැත්තෙන් පාසල්වලට සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට යම් කාලයක් ගතවෙනවා. දරුවන්ගේ සනීපාරක්ෂාව තහවුරු කිරීම ක්‍රියාමාර්ග ගන්න ඒ උපකරණ සැපයීමට යම් කාලයක් ගතවෙනවා. ඒ නිසා මේ කරුණු සියල්ල සලකා බැලීමේදී පාසල් විවෘත කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කරන්න තව සතියක් දෙකක් යාවි.

මාස හතරකට පස්සේ දකුණු කොරියාව පසුගිය සතියේදී පාසල් විවෘත කළා. මහා බ්‍රිතාන්‍ය කුඩා දරුවන්ගේ පාසල් විවෘත කිරීමට තීරණය කළා. එම තීරණයට මහජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වුණා. ඒ අතරවාරයේදී ඇතැම් රටවල් පාසල් විවෘතකර තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදියට ‘කොවිඩ් -19’ ට එරෙහිව සටන ආරම්භ කළේ පාසල් වහලා. දරුවන් ආරක්ෂා කිරීමට තමයි අපි ප්‍රමුඛත්වය දුන්නේ. දරුවන් සුරක්ෂිතව නිවසේ තියලා අපි කොවිඩ් - 19 වසංගතයට එරෙහිව සටන් පටන්ගත්තේ. අපි කොවිඩ් - 19 ට එරෙහිව සටන අවසන් කරන්නේ පාසල් විවෘත කරලා. දරුවන් පාසල්වලට ගෙන්වා ගැනීමෙන් තමයි අපි මේ සටන අවසන් කරන්නේ. පළමුවැනි පියවරත් අවසන් පියවරත් ඉතාම පැහැදිලියි. එහෙත් අපි මේ සියල්ල කරන්නේ පියවර කිහිපයකට. ඒ පියවර දැනටමත් සැලැසුම් කර අවසන්. අද පැවැති සාකච්ඡාවේදීත් එම පියවර සාකච්ඡා කළා.

අපට තිබෙන ලොකුම අභියෝගය පොදු ප්‍රවාහනයයි. පාසල්වල සනීපාරක්ෂාව තහවුරු කරන්න අපට පුළුවන්. පාසල තුළදී දරුවන්ගේ සනීපාරක්ෂාව තහවුරු කරගන්න අපට පුළුවන්. පාසල් සකසාගන්න පුළුවන්. ඒ දේවල් සකසා ගන්න පුළුවන්. පාසල් දරුවන් ලක්ෂ 43කින් අඩකට වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිත කරනවා. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට පොදු ප්‍රවාහනය සකසාගන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය බස් රථ සහ පාසල් වෑන් රථ අපට නැහැ. ඒ නිසා මේක ලොකු අභියෝගයක්. අපිට මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සමගත් සාකච්ඡා කරන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා මේ සතිය ඇතුළත ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරලා ඉක්මනින් මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න අපි කටයුතු කරනවා. අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරලා දරුවන්ගේ ප්‍රවාහනය සම්බන්ධ ගැටලුවත් විසඳනවා.

ඒ කොහොම කළත් අපි පාසල් විවෘත කරන්නේ පියවර කිහිපයක් යටතේ බව කියන්න ඕනෑ. පළමු පියවර ලෙස මුලින්ම පාසල්වලට ගෙන්වා ගන්නේ උසස් පෙළ දරුවන්.

මම නැවත වරක් අවධාරණය කරනවා, අපි පාසල්වලට දරුවන් ගෙන්වන්නේ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ පසුවයි. කොටින්ම සුරක්ෂිත පැයේදී තමයි දරුවන්ව පාසල්වලට ගෙන්වන්නේ. මුළු ලෝකයටම ‘කොවිඩ් - 19’ වසංගතය සමඟ ජීවත්වෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඊට පුරුදු වෙන්න ඕනෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ අඩුම වන්දියක් ගෙවපු රටවල්. ලෝකයේ ස්වර්ග රාජ්‍යයන් යැයි කියපු රටවල් අපේ ඇස් පනාපිටම අවීචි මහා නිරයන් බවට පත්වුණා. ඒ අතින් බලද්දි අපි කොච්චර සුරක්ෂිත රටක් ද?

වසංගත තත්ත්වයක් සතයකින් දෙකකින් මාසයකින් දෙක තුනකින් අවසන් කරන්න බැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනෑ. මේකෙදි අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපිට වගේම පුරවැසියන්ටත් වගකීමක් තියෙනවා.

වයිරසය පාලනය වෙලා තිබුණු තත්ත්වය නැති කරගත්තේ පුරවැසියෝ. ආරම්භ වූ අවස්ථාවේදී පිටරටවල සිට පැමිණි අය නිරෝධායනයට යොමුකරන්න යද්දි ගුවන් තොටුපොළේදී කරපු අරගලය අපි දැක්කා. සමහර දේශපාලනඥයෝ කරපු වගකීම් විරහිත ප්‍රකාශ අපි දැක්කා.

ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ තත්ත්වයේදී වැඩිම වගකීමක් තියෙන්නේ දරුවන් සම්බන්ධයෙන්. අපි අධ්‍යාපන අමාත්‍යාංශය විදියට ඒ වගකීම වගකීමක් විදියට බාර අරගෙන තියෙනවා. අපි ඒ වගකීමට සංවේදී වී සිටින බව නැවත නැවතත් සිහිපත් කරන්න වුවමනායි. අපි දරුවන් පාසල්වලට ගෙන්වන්නේ අවසාන පියවර විදියටයි. අපි දරුවන් පාසල්වලට ගෙන්වන්නේ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කළ පසුවයි’’ 

 

 



අදහස් (5)

දරුවන් පාසල් ගෙන්වන්න තිබෙන විශාලම අභියෝගය පොදු ප්‍රවාහනයයි

champa Thursday, 28 May 2020 04:18 PM

පාසල් නම් දැන්ම කොහොමවත් අරින්න එපා. කරන්න පුළුවන් දේ ගැන මගේ අදහස ඩලස්ට ලිව්වා. අනිත් එක මිනිස්සු ගැවසීම අඩු වෙච්ච නිසා පරිසරය වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් දැකපු නැති සත්තු එහෙම ඇවිල්ලා ඉන්න පුළුවන්. ලංකාදීපේ එහෙම ආපු ලොකු මකුලුවෙක්ගේ පින්තූරයකුත් දාලා තිබුණා. පාසල්වල, පිට්ටනියේ, අවට ගස්වල අලුත් අලුත් කෘමින් ගැවසෙන්නත් පුළුවන්... පිටරටවල කොරෝනා සීමා අයින් කළාට පස්සේ පාක් එකක සෙල්ලම් කරලා ගිහින් ගෙදර ගියපු පොඩි දරුවෙක් එකපාරට අසනීප වෙලා මැරිලා තිබුණා. දොස්තරලාටත් කියන්න බැරි වුණාලු දරුවා මැරුණේ ඇයි කියලා. දරුවාගේ අම්ම කියලා තිබුණා දරුවාගේ ඔලුවේ මොකක්ද එකක් ඇලිලා තිබුණා කියලා. පස්සේ ඒක ඔලුවෙන් අරන් බලපුවහම wood tick කියන කෘමියෙක් වගේ සතෙක් කියලා. මේක ලිව්වේ දරුවන් ගැන රජයට තියෙන බරපතල වගකීම මතක් කරලා දෙන්න.

:       0       1

ISURU Thursday, 28 May 2020 04:32 PM

මේ ගොල්ලෝ ඡන්දෙ තියන්න දඟලන දැඟලිල්ලක්...

:       0       1

vidya Thursday, 28 May 2020 05:57 PM

පුත්තලමෙන් එහා, අනුරාධපුරෙන් එහා, ඇඹිලිපිටියෙන් එහා ඉස්කෝලවල ගිහින් තියනවද? බොන්නේ අපිරිසිදු වතුර. හරි හැටි වැසිකිළි නැහැ. මේවත් සොයලා බලන්න. කෝ ඔය දේශනාව කරන කෙනා මුඛය වසාගෙන නැහැනේ.

:       0       1

de silva Thursday, 28 May 2020 06:50 PM

එහෙමනම් ප්‍රවාහනය සාමාන්‍ය තත්වයට පත්කරන්න...

:       0       2

Deepal Nirosh Friday, 29 May 2020 03:31 AM

පොදු ප්‍රවාහනය ගැටළුවක් නම් ඊට ඒකම හා සාර්ථකම පිළියම "ළඟම පාසල හොඳම පාසල" යථාර්තයක් බවට පත් කිරීමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 370 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි
2025 මැයි මස 04 67 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත


මැකෝගෙන් අවවාදයක්
2025 මැයි මස 04 85 0

පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ


සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්
2025 මැයි මස 04 512 0

සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා


ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 321 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


වැඩබලන අමාත්‍යවරු හතරක් පත් වෙති
2025 මැයි මස 04 577 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 629 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 160 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1186 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site