(නිමල කොඩිතුවක්කු)
කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලූ සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාමේ නියමු ව්‍යාපෘතියක් සෙනසුරාදා (24) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.
කුණු පැටවූ ලොරි රථ දෙකක් කොළඹ දුම්රිය අංගනයෙන් දුම්රියේ පටවාගෙන යමින් එම ව්‍යාපෘතිය අත්හදා බලන බවත් පැවසූ ඒ මහතා එම ක‍්‍රමවේදය සාර්ථක වේ නම් කුණු ලොරි දුම්රියෙන් අරුවක්කාලූ දක්වා ගෙනයාමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
කොළඹ නගරයේ එක්වන කැළි කසළ අරුවක්කාලූ සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාම මේ වනවිට ලොරි රථ මගින් සිදුකරන අතර ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ.
මේ හේතුවෙන් කොළඹ කුණු දුම්රියෙන් අරුවක්කාලූ සනීපාරකෂක කසළ අංගනය වෙත රැගෙන යාම නියමු වයාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් පැවසූ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එය සාර්ථක වුවහොත් කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් දුම්රියෙන් කුණු ප‍්‍රවාහනය කිරීම සිදුකරන බවත් කීවේය.
කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානයේ කටයුතු ලබන මාර්තු මාසයේදී අවසන් කිරීමට කටයුතු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම ව්‍යාපෘතිය යටතේ කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවලින් එකතුවන කැළිකසළ මෙටි‍්‍රක් ටොන් 1200ක් කැළණිය කසළ හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු එම කසළ අධික පීඩනයකට ලක්කර දුම්රිය මාර්ගය ඔස්සේ අරුවක්කාලූ වෙත ප‍්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබේ.
COMMENTS
ඔන්න දැන් කොළඹ ඉඳන් අරුවක්කාලුවලට රේල්පාරේ පයින් ගියානම්, ඉන්දියාවේ රේල්පාරක පයින් ගියා වගේ තමයි.
කරන්න ඕනේ කොළඹට කුණු එන මං ඇහිරීමයි. කොළඹට කුණු ගේන්නේ පිටින් එන අයයි. සියලුම ජනතාව දැනුවත් කළ යුතුයි කුණු ගෙන ඒමෙන් වළකින ලෙස... ඒ වගේම වෙළඳ ප්‍රජාව දැනුවත් කළ යුතුයි සිලි බෑග් භාවිතය අවම කිරීමට...
කලකට පෙර මේ ආකාරයටම එංගලන්තයේ කසල ලන්ඩනයේ සිට තැන්පත් කරන ස්ථානයට දුම්රියෙන් ප්‍රවාහනය කළ වග නම් මම දන්නවා. මෙවැනි දෙයක් කරනවා නම් ඒ කටයුත්ත ක්‍රමානුකූලව නොකළොත් අසාර්ථක වෙනවා. එකතුකළ කසල දුම්රියට ගෙනෙන්නත් තැන්පත් කරන ස්තානයේදී නැවත ප්‍රවාහනය කිරීමට සිදුවෙනවග අමතක කරන්න එපා. මේ ක්‍රමය එතරම් කාර්යක්ෂම නැති බව කියන්න ඕනේ.
ඕකනේ ඉතින් කලින් සැලසුම් කරලා තිබ්බේ, දුම්රියේ ගෙනියන්න තමයි. මේක ඉක්මන් උනේ මහජනතාව ලොරි වලට සලකපු විදිහ නිසයි. නැත්තන් මේ වැඩේ මෙච්චර ඉක්මනට කෙරෙන්නේ නැහැ.