
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක)
කොවිඩ් 19 වයිරස ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් අද (03) ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතාවයක වුහ.
ඉරණතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත්, කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් ඉරතිව් දූපත් වැසියෝ පැවසූහ.
කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒම හරහා දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍යම අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වූ කිතුණු ආගමික නායකයෝ කීහ.
ඉරණතිව් දූපත් ජනතාව පැවසූවේ තමන්ගේ උපන් භූමිය තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු කැමැත්තක් නොමැති අතර, කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු අවසරයක් ද ලබානොදෙන බවයි.
යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද ජනතාව පැවසූහ.
විරෝධතාවයට එක්වු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැවසූවේ රජය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක නිරත වන බවට පෙනී යන බවයි.
ජනතාව ජිවත් නොවන කුඩා දූපත් රැසක් මෙරට සාගර කලාපයේ පවතින බැවින් රජය එවැනි භූමියක් තෝරාගෙන කොවිඩ් මෘත දේහ ආදාහනය කළ යුතු බවද ජනතාව පැවසීය.
විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්,දේශපාලන නියෝජිතයින්,දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


(ඡායාරූප - සිතුම් චතුරංග)


(ඡායාරූප - රොමේෂ් මධුසංක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාළ අයගේ සුසාන භුමි වල වලලන්න.. වැලලුවාට ප්‍රශ්නයක් නැහැ. ලෙඩේ බෝ වෙන්නේ නැහැ... කියලා වලලන්න ඕනේ කියලා බෙරිහන් දුන්නු අයගේ භූමිවල වලලන්න...
අපේ මිනිස්සු මුස්ලිම් ප්‍රදේශවල මෘතදේහ වැළලීමට පෙලපාලි ගියත් භූගත ජලය හරස් වෙනවා..
කින්නියාවල වළලන්න... ඒකත් එයාලගේ අය ඉන්න දූපතක්නේ.. මේ අහිංසක මිනිස්සු අමාරුවේ නොදා...!!!
දූපත් ටිකත් විකුණලා තියෙන්නේ අනාගතයේදී ඉතිරිවෙලා තියෙන සොහොන් බිම් ටිකත් විකුණයි. ලංකාවේ තවත් දූපත් තියෙනවා. ඇයි කච්චතිව් වලට ගෙනියන්නකෝ.. ඩෙල්ෆ්ට් හෝ ජනයා නැති තැන් වලට මේකත් විද්වත් අදහසක්ද?
තැන් තැන් වල ගෙනිහිල්ලා පිස්සු නටන්නේ නැතිව. කාත්තන්කුඩි වල වලලන්න. එදාට බලාගන්න පුලුවන් ඔය වගේම විරෝධතා ව්‍යාපාරයක් දියත් වෙනවා. කවුද කැමැති වසංගතයක් ඇගේ දාගන්න.
නැගෙනහිර ඉඳන් යාපනේට පෙළපාලියේ ගිය අය මිනී වළලන්නත් ඉල්ලුවා..
මෙහෙමත් හත්පලේ ගා ගැනිල්ලක්....
ඉරනතිව් වැසියනි, ඔය භූමියේ මැරුණු ඌරන් වලදමන්න, නැත්නම් බිම බේරාගන්න වෙන්නේ නැහැ.
දැන් එහෙනම් රජයක් නැද්ද? තීන්දු තීරණ ගන්නේ සාමාන්‍ය මිනිස්සුද? මේක තියාගෙන නිකන් දේශපාලනය කරන්නේ නැතිව හරි තීරණයක් ගන්න.
මේ අහිංසක මිනිස්සු ජීවත්වෙන දූපතේ මේ මෘතදේහ වළලන්න තියෙන සදාචාර අයිතිය මොකක්ද?
අහෝ, රටකට ගිය කලක්.. කතිරයක් නිසා ජාතියක්, ආගමක්, රටත් පාවාදෙන නිවට නායකයෝ..