IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඉරණතිව් වැසියෝ වළවල් වසා දමති

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක)

           

කොවිඩ් 19 වයිරස ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා ඉරණතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට මෘතදේහ ගෙන ඒමට විරෝධය පළ කරමින් අද (03) ඉරණමාතා නගර් වෙරළ තීරයේ දී විරෝධතාවයක වුහ.

ඉරණතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත්, කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් ඉරතිව් දූපත් වැසියෝ පැවසූහ.   

කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒම හරහා දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍යම අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තීය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වූ කිතුණු ආගමික නායකයෝ කීහ.

 

         

ඉරණතිව් දූපත් ජනතාව පැවසූවේ තමන්ගේ උපන් භූමිය තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු කැමැත්තක් නොමැති අතර, කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු අවසරයක් ද ලබානොදෙන බවයි.

යුද සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද ජනතාව පැවසූහ.   

විරෝධතාවයට එක්වු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් පැවසූවේ රජය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක නිරත වන බවට පෙනී යන බවයි.

ජනතාව ජිවත් නොවන කුඩා දූපත් රැසක් මෙරට සාගර කලාපයේ පවතින බැවින් රජය එවැනි භූමියක් තෝරාගෙන කොවිඩ් මෘත දේහ ආදාහනය කළ යුතු බවද ජනතාව පැවසීය.

විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්,දේශපාලන නියෝජිතයින්,දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

(ඡායාරූප - සිතුම් චතුරංග)

(ඡායාරූප - රොමේෂ් මධුසංක)



අදහස් (17)

ඉරණතිව් වැසියෝ වළවල් වසා දමති

Hanifa Wednesday, 03 March 2021 07:22 AM

අදාළ අයගේ සුසාන භුමි වල වලලන්න.. වැලලුවාට ප්‍රශ්නයක් නැහැ. ලෙඩේ බෝ වෙන්නේ නැහැ... කියලා වලලන්න ඕනේ කියලා බෙරිහන් දුන්නු අයගේ භූමිවල වලලන්න...

:       6       102

nisar Wednesday, 03 March 2021 08:07 AM

අපේ මිනිස්සු මුස්ලිම් ප්‍රදේශවල මෘතදේහ වැළලීමට පෙලපාලි ගියත් භූගත ජලය හරස් වෙනවා..

:       7       23

jayasekaraWednesday, 03 March 2021 08:47 AM

කාත්තන්කුඩියේම වළදාගන්න. එතකොට හරස් වෙන එකක් නැහැ... මගේ හිතේ..

:       2       65

nisarWednesday, 03 March 2021 11:38 AM

අපේ නිවසේ වැළලුවත් දුකක් නැහැ පුලුස්සනවාට වඩා...

:       12       8

NuwanWednesday, 03 March 2021 12:37 PM

මුස්ලිම් ප්‍රදේශ කියලා දෙයක් නැහැ. මුලු ලංකාවම එක රටක්... අන්තර්ජාතිකේ සනසන්න මේ රජය කළ ගොන් වැඩෙන් ආයෙත් ප්‍රශ්න...

:       2       22

jayasekaraThursday, 04 March 2021 06:30 AM

ඉතින් වළදාගන්නකෝ... බැරි නම් ගෙදර සාලෙ මැද තියාගන්න. ඕජස් ගලලා, පණුවෝ එනකල් බලාගෙන ඉන්න... දෙවියන් ළඟට යන්නේ කොහොමද කියලා..

:       1       3

anula Wednesday, 03 March 2021 10:18 AM

කින්නියාවල වළලන්න... ඒකත් එයාලගේ අය ඉන්න දූපතක්නේ.. මේ අහිංසක මිනිස්සු අමාරුවේ නොදා...!!! 

:       4       31

Kamal Koyrala Wednesday, 03 March 2021 10:21 AM

දූපත් ටිකත් විකුණලා තියෙන්නේ අනාගතයේදී ඉතිරිවෙලා තියෙන සොහොන් බිම් ටිකත් විකුණයි. ලංකාවේ තවත් දූපත් තියෙනවා. ඇයි කච්චතිව් වලට ගෙනියන්නකෝ.. ඩෙල්ෆ්ට් හෝ ජනයා නැති තැන් වලට මේකත් විද්වත් අදහසක්ද?

:       2       11

සමන්ත Wednesday, 03 March 2021 12:54 PM

තැන් තැන් වල ගෙනිහිල්ලා පිස්සු නටන්නේ නැතිව. කාත්තන්කුඩි වල වලලන්න. එදාට බලාගන්න පුලුවන් ඔය වගේම විරෝධතා ව්‍යාපාරයක් දියත් වෙනවා. කවුද කැමැති වසංගතයක් ඇගේ දාගන්න.

:       1       19

Thiw Wednesday, 03 March 2021 01:40 PM

නැගෙනහිර ඉඳන් යාපනේට පෙළපාලියේ ගිය අය මිනී වළලන්නත් ඉල්ලුවා..

:       2       16

සෙනෙවිරත්න Wednesday, 03 March 2021 06:57 PM

මෙහෙමත් හත්පලේ ගා ගැනිල්ලක්....

:       0       0

thushara Thursday, 04 March 2021 06:33 AM

ඉරනතිව් වැසියනි, ඔය භූමියේ මැරුණු ඌරන් වලදමන්න, නැත්නම් බිම බේරාගන්න වෙන්නේ නැහැ.

:       0       2

fairoos Thursday, 04 March 2021 08:12 AM

දැන් එහෙනම් රජයක් නැද්ද? තීන්දු තීරණ ගන්නේ සාමාන්‍ය මිනිස්සුද? මේක තියාගෙන නිකන් දේශපාලනය කරන්නේ නැතිව හරි තීරණයක් ගන්න.

:       2       0

banda Thursday, 04 March 2021 09:09 AM

මේ අහිංසක මිනිස්සු ජීවත්වෙන දූපතේ මේ මෘතදේහ වළලන්න තියෙන සදාචාර අයිතිය මොකක්ද?

:       0       4

BamunuarachchiFriday, 05 March 2021 01:50 AM

මේ දුපතේ පමණක් නොවෙයි.. රටේ කොහෙත් ජීවත් වෙන්නෙත් අහිංසක මිනිස්සු. ඒ නිසා කොහෙවත් වල දාන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසයි ආදාහනය කරන්න කියන්නේ හලෝ. කැමති මිනිස්සු ආදාහනය කරන්න.. කැමති අය ගෙදර තියාගන්න.

:       1       0

ruwan jayawardana Friday, 05 March 2021 11:52 AM

අහෝ, රටකට ගිය කලක්.. කතිරයක් නිසා ජාතියක්, ආගමක්, රටත් පාවාදෙන නිවට නායකයෝ..

:       0       0

BamunuarachchiSaturday, 06 March 2021 03:21 AM

කියන්න ඔය වහෙන් ඔරෝ නැතුව කව්ද කතිරයක් නිසා ජාතියක්, ආගමක්, රටත් පාවාදෙන කට්ටිය කියලා?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 507 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site