
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කුමුදුනි වික්‍රමසිංහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී.
ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 02 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කෙරිණි.
ෙ‘ඇවන් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ොලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 04 වැනිදා පටන් විභාග කිරීමට ඉකුත් දා තීරණය කළාය.
අල්ලස් කොමිෂන් සභාවේ සියළු කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති හෙයින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි බවටත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවටත් තම නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන්නැයිද පෙත්සම්කරුවෝ සිය ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා සිටිති.
පෙත්සම්කාර නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතීඥ ඉරාජ් ද සිල්වා සහ නීතීඥ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරනු ලැබෙයි.
හොරු රකින විරුවෝ...
වෙන දෙයක් බලාගෙන සිටි අය අත් උස්සන්න !! කවුරු අාවත් ඔච්චර තමයි ! අනාගත පරපුර ගැන තද දුකක්, වේදනාවක් දැනෙනවා...
අදා හොරු, අද බෝධිසත්වයෝ වෙනවා... මාර රටක්... මාර නීතියක්.. අනේ අපිට යන්න හිතෙන රටක් වෙලා.
දැන් මේ නඩුව අත්හිටවූ නිසා පාඨලීගේ නඩව නිදහසේ අහන්න පුළුවන්. සාදු සාදු...!!!
පොල් ගෙඩියක් අඹ ගෙඩියක් නම්, කේස් එක ලොකුවටම යයි. ගාණ ලොකුයිනේ. ඉතින් සාක්ෂි නැහැ.
හොරු නිදහස් වෙනවා. මේක අරුම පුදුම රටක්නේ... නීතිය රකින විරුවන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා.
ශ්රී ලංකාවේ ඇති අමන දූෂිත දේශපාලනයටම ගැලපෙන අමන නීති පද්ධතියත්... පාලකයින්ට කොන්ද නමන විනිශ්චයකාරවරුන්, වරියන් මේ රටේ සිටින තාක්කල් දූෂිතයින් හැමදාම නීතිය සමග සෙල්ලම් කරමින් යහතින් වැජඹේවි. හොරා හොරකම් කරලා පොලිසියට අහුවුණාම.. හොරා උසාවියට කියනවා "අනේ ස්වාමිනි.. මාව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලිසියට කියන්න" කියලා. එවිට නඩුකාරයා පොලිසියට කියනවා " විත්තිකරු අත්අඩංගුවට ගන්න එපා" කියලා. මේ වගේ අමන, අසික්කිත නීති තියෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි. කොටින්ම රටේ ජනාධිපතිත් අවුරුද්දකට පමණ ඉහතදී නඩුකාරයා ඉදිරියේ හඬා වැටී ඉල්ලා සිටියා ' පොලිසියෙන් මාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් දෙන්න ' කියලා. අන්ත දූෂිත, ඒකපාර්ශ්විකව නඩු තීන්දු දෙන විනිශ්චයකාරයින්ගේ නම් පවා සඳහන් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පසුගිය ජනාධිපතිවරණයේදී කිව්ව දෙයක් මට මතකයි.. එය එදාටත් වඩා අදට ගැලපෙන දෙයක්.. ඔහු කිව්වා "මම ජනාධිපතිවුණු වහාම දූෂිත නඩුකාරයින් සියලුදෙනාවම රැකියාවලින් අස්කරනවා. ඒ වෙනුවට මේ නම් සඳහන් ඍජු තීරණ ගන්නා නොනැවෙන විනිශ්චයකාරවරුන් පත්කරනවා.." කියලා. අවාසනාව හැමතැනම.. රජකරනවා. රට වැසියන්ව අසරණ කරලා.
තෝරු, මෝරු අල්ලගන්න අමාරුයි... හාල්මැස්සෙක් නම් මෙලහකටත් අහුවෙලා.
රට රකින විරුවා තාප්පෙටම කෙළියි වගේ...
හෙණ ගහපන් කියලා තමයි කියන්න තියෙන්නේ...
දෙවියන් කොහිද?
තව සෙල්ලම් ඉදිරියට බලාගන්න පුළුවන්... ඔහොම යං හරිද?
එදා ඕක නේවි එකට තිබුණේ.. ඒක ගෝඨාළය ගත්තා... ඒක බාරදුන්නා නිශ්ශංකට... මේක ධන උල්පතක්. කට්ටිය බෙදාගෙන කනවා. මේක මහබැංකු මංකොල්ලයට වඩා වැඩියි. ගිනිඅවි පනත අනුව ජනපතිවරුන් 5කටම අධිචෝදනා තියෙනවා. මේක රනිල්, මෛත්‍රී යට ගැහුවා.
හොරුන්ට ගිය රට...
රටකට යන කලක්... අද ජනතාවගේ ධනය මංකොල්ල කාපු අය පිනුම් ගහන යුගයක්.. මේ අය අධි චෝදනා සහිතව අැප නැති ව හිරේට දාන්න. මෙහි ප්‍රධාන චූදිතයා අද රටේ නායකයින් වෙලා... ඉතින් කාට කියන්නද?
ඔන්න වැඩ අල කරන විරුවා ආයෙත් වැඩක් අල්ලන්න වගේ හදන්නේ.. බයියලාගේ අවධානය පිණිසයි.