(චමිල් රූපසිංහ)
 
කොරෝනා 19වයිරසය  ආසාදනය වූ බවට තහවුරු  වූ අකුරණ පුද්ගලයාගේ පවුලේ  සාමාජිකයන්  තිදෙනාටද  කොරෝනා  ආසාදනය වි ඇති බව අද (31) දිනයේදි තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාපවසයි.

එම තිදෙනා අතර අසාදිතයාගේ  බිරිද , පුතා සහ ලේලිය  සිටිති.

ඔහුට වෛද්‍ය ප්‍රථිකාර කර වෛද්‍යවරයාද මහනුවර රෝහලට වෛද්‍ය ප්‍රථිකාර සදහා ඇතුලත් කර ඇත.
 
තිදෙනා අංගොඩ අයි ඩි එච් රෝහලට යැවිමට කටයුතු කල බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවැසිය.