හිරාන් ප්‍රියංකර ජයසිංහ
කරුවලගස්වැව නෙළුම් ගම ගම්මානයේ අක්කර දෙකකින් යුත් ගස් ලබු වගාවකට වල් අලි රංචුවක් කඩා වැදී වගාව විනාශ කර ඇතැයි වගාවේ හිමිකරු පවසයි.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පලිගම ග්‍රාම නිලධාරි වසමේ නෙළුම්ගම ගම්මානයේ පදිංචි ඊ.එම් අවුසදහාමි මහතාට අයත් ගස්ලබු වගාව මෙසේ වල් අලි රංචුව විසින් විනාශ කර තිබේ.
වගා හිමිකරු මේසේද කීවේය.
“ වල් අලි රංචු දැන් එන්න එන්නම වැඩිවෙලා .වන ජීවි ඇමති තුමා මෙහාට ඇවිත් ගිහින් දවස් හතරක් පහක් .නමුත් මේ අලි ප්‍රශ්නයෙන් අපි බැට කනවා . මම අලි පනින එක වලක්වන්න ඉඩම වටා විදුලි අලි වැටකුත් ගහලා තිබුණා.
නමුත් අලි රංචුව විදුලි වැටට උඩින් තිබුණ ගස් ලබු ගස් හොඩෙන් ඇදලා වැට උඩට වට්ටලා තමයි ඉඩමට ඇතුල් වෙලා තියෙන්නේ .ඒ ඇතුළු වෙලා අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයක් යන්න කලින් වනසා දැම්මා. අලි වෙඩි ගහලා තමයි අනිත් වගාවන් බේරා ගත්තේ.
වල් අලි රංචු වනසා දැමූ ගස්ලබු වගාව අදායම් ලබමින් පැවති බවත් සතියකට රුපියල් 10000 ආසන්න මුදලක් ගස් ලබු අලෙවි කර උපයා ගත් බවත් වගා හිමිකරු පවසයි. ‘‘
කෙසේ වෙතත් මේ වන විට නෙළුම්ගම සහ පළිගම ගම්මාන වල වල් අලි 30 කට ආසන්න ප්‍රමාණයක් සැරිසරන බව ප්‍රදේශවාසීහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ව මැරුවා, වගා විනාශ වුනා කියලා දුක් වෙලා පලක් නැහැ. අපි දන්නා විදිහට, මේක වන සතුන්ට අයිති රටක්? ඒ නිසා වන සතුන්ගේ රට ඒ සතුන්ටම භාර දීලා ජීවත් වෙන්න මුහුදෙන් එතෙර වෙනස් රටක් සොයා ගන්න ඕනා.
අලින්ට කතා කරන්න පුලුවන්නම් කියයි මිනිස්සු ඒගොල්ලන්ගේ ඔප්පු නැති ඉඩම් අල්ලාගන්න විස්තරේ. ඉල්ලන් කනවා කියන්නේ මේවටයි. දැන් ඉතින් හක්කපටාස් පව්කාරකමට නම් ලැස්ති වෙන්න එපා. අහිංසක සත්තු.
ඔය අලි වෙනුවෙන් උඩ පැනගෙන බෙරිහන් දෙන පරිසරවේදියෝ ඇයි මේ විනාශය ගැන කතා නොකරන්නේ?
ප්‍රීති ඔයා ඉස්සරවෙලාම ගිහිල්ලා මුහුදෙන් එතෙර වෙනස් රටක් හොයා ගන්න.
මෙයට වගකිව යුත්තේ වනජීවී දෙපාර්තමේන්තුව. අලින්ට අයිති කැලේ කපන්න දෙන්නේ එයාලා. කැලේ ඉන්න ඕන සතුන්ට ගමට එන්න පාර කපන්නේ දෙපාර්තමේන්තුව
නරධ, මේ සිදුවීම ගැන කණගාටු වෙනවා.ඔබ ඇසු පැනයට පිළිතුරක් දිය යුතුයි. වල් අලි වෙනුවෙන් කතා කරන අය හැමදාම සිදුකල යුතු මොනවද කියලා බලධාරීන්ට කිව්වා. අනික තමයි වල් අලි දන්නේ නෑ මේක ගොවි මහත්තයාගේ වගාවක් කියලා. ඌ කලේ අලියාගේ වැඩේ. අලි ඉන්නවා කියලා දැනගෙනත් ගොවි මහත්තයා ගොවි මහත්තයාගේ වැඩේ කරා නම් වගාව බේරගන්න තිබුනා. මතක තියාගන්න මිනිසා පරිසරේ කොටසක් මිස අයිතිකාරයා නෙමෙයි කියලා
කරුවලගස්වැව කියන්නේ ඉතින් අලියන්ට අයිති තැනක් එතන කැලේ කපලා ගස්ලබු හිටෙව්වම අලි කන එක අහන්න දෙයක්ද. මේ සේරම තබ්බෝව රක්ෂිතයේ ඉඩම්
මෙහි ප්‍රධාන හේතුව වන සතුන්ට ජීවත් වීමට ඇති ඉඩ ප්‍රමාණය ටිකෙන් ටික අඩු වීමයි. එවිට එම සතුන් අහල පහල ගම් වලට ඇතුළුවී මේවගේ විනාශ කරනවා. මේකේ වරද කාගේ අතේද කියලා කියන්න බැරි උනාට අලින්ගේ අතේ කිසි වරදක් නැති බව විතරක් කියන්න පුළුවන්.
මෙතන ගැටළු කීපයක් තියෙනවා. මිනිස්සු වන සතුන් ඉන්න කැලෑ එළි කරලා ඒවයේ වගා කරලා, ගෙවල් හදලා දැන් ඒ වන සතුන්ට චෝදනා කරනවා. සමහර ගම් වල මිනිස්සු වන සතුන්ගේ ගොදුරු බිම් වන විල්ලු විනාශ කරනවා. එතකොට සත්තු ගමට එන එක නවත්වන්න බෑ. ගස් ලබු ගස් වැටුණාම විදුලි වැට කැඩෙන්න තරම් දුර්වල විදිහට නම් හදලා තියෙන්නේ ඒකත් ප්‍රශ්නයක්.
ගස්ලබු කන්න පුළුවන් කෙනෙකුට දෙන්න. කාටවත් පෙන්නලා වැඩක් නැහැ.