IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කටකතා නිසා අසරණ වූ දියණියෝ

(කාංචන කුමාර ආරියදාස)

කිසියම් චර්ම රෝගයක් වැළඳී ඇති බවට චෝදනා කරමින් මවත් පියාත් නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු  ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා ඇතැයි කියැවේ.

සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටිති.

ගලේවෙල අලුත්ගම නිරන්ගමුව  ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්වීම නිසා  සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් වළක්වා ගනු ලැබ ඇත.

පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු මෙම පවුලේ සිටින අතර  තිදෙනාම විද්‍යාලයෙන් ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව ඔවුහු හඬා වැටෙමින් කියති.

ළිඳකින් වතුර ටිකක් ලබාගැනීමට වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යෑමට හෝ කිසිදු සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වයටම තමන් කොන් කර දමා තිබෙන මෙම දියණියන් හයදෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් කියති.

මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමඟ  දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වේ.

මෙම දියණියන් ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ .මව විදේශගත වී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව දියණියෝ  පවසන්නීය.

මෙම පවුලේ දෙවැනි දියණිය වන ශලනි පියතිස්ස මීට වසර කිහිපයකට ඉහත දී පවුල ජීවත් කිරීම සඳහා විදේශ රටක සේවය සඳහා ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහත දී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙන් බව කියයි .

එම රෝගයට ප්‍රතිකාර කරමින් සිටියදී ඔවුන්ගේ මවද දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී  තිබේ.

පාසල් වියේ පසුවන එක දියණියකගේ වයස අවුරුදු 14 කි තවත් දියණියක් සිටින අතර අවුරුදු 8 ක දියණියක්ද සිටී.

මෙම තිදෙනාම ගලේවෙල අලුත්ගම  නිරංගමුව වීද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියහ.එමෙන්ම මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගැනීමක් නොමැතිව නිවසට වී සිටි .

24 හැවරදි දෙවැනි දියණිය සමේ  ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ  ඇයට කිසියම් භායානක රෝගයක් වැළදී ඇති බවත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවත්ය.

මාස කිහිපයක් මේ කටකතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත් වෙමින් සිටින බව මෙම පිරිස කියති.

වැඩිමහල්  දීයණිය 27 හැවිරිදිය ඇය විවාහවී එක දරුවෙකුද සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමග ඇයගේ සැමියාද දරුවාද  දමා හැර ගිය බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

මේ වනවිට සමේ රෝගී තත්වය සඳහා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එය සාමාන්‍ය හොඳ කර ගැනීමේ හැකියාව පවතින සමේ රෝගයක් බවත් වෛද්‍යවරුන් පවසති.

එහෙත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඬුවම බවට පත්ව ඇත්තේ දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් කිරීමය අධ්‍යාපනයක් නොමැති ව නිවසේ රැදවීමය එමෙන්ම ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩයක් ලබා නොදීම ය ළිඳකින් වතුර  ලබාගැනීමට නොදීමය කිසිදු අයකු ඔවුන් සමග කතා නොකර සිටීමය අඩුම තරමේ වාහනයක වත් මෙම පිරිස ගොඩවීමට ඉඩ නොදීම ය  මෙම තත්ත්වය ඉවසා ගැනීමට නොහැකිව දෙවැනි දියණි දිවි හානිකර ගැනීමට උත්සාහ කළාය.

වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මත ඇය ජීවත් වීමට වාසනාව උදා කරගෙන තිබිණි.දියණියන් හයදෙනා සහ කුඩා දරුවෙකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවස තුළ එකට මියැදීමට කතිකා කර ගත් බවද ඔවුන් හඬා වැටෙමින් කියති .

මෙතරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව සමාජයේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි මෙම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටිති.



අදහස් (9)

කටකතා නිසා අසරණ වූ දියණියෝ

Kumar Tuesday, 08 October 2019 04:37 PM

සමේ රෝගවලට ප්‍රතිකාර ගත් පසු ඉක්මනින් සුවවෙනවා. ගලේවෙල පැත්තේ ඉන්නෙ මෝඩයෝද?

:       0       87

Upul Gunawardena Tuesday, 08 October 2019 09:23 PM

ඔවුන් සමග සම්බන්ද වීමට ක්‍රමයක් දන්වන්න.

:       11       116

Uditha - London Wednesday, 09 October 2019 11:31 AM

ගල් යුගයේ මිනිස්සුනේ අප්පා ඉන්නේ ඔය පැතිවල...

:       0       26

sugath Thursday, 10 October 2019 10:51 AM

මේවගේ ගම්මැදි කටකතා පතුරවන නිසා තමයි ලංකාව තවමත් තුන්වන ලෝකයේ රටක් වෙලා තියෙන්නේ...

:       0       22

Prabha Friday, 11 October 2019 02:59 PM

රටේ මහ අය දේවාල ගානේ දුවද්දී සාමාන්‍ය මිනිස්සු ගැන කුමන කතාද?

:       0       7

Athula Saturday, 12 October 2019 10:24 AM

අනේ මේ අසරණ දරුවන්ට ඉතා ඉක්මනින් පිහිටක් වෙන්න මෙක බෞද්ධයයි කියුවට මෙච්චර අසත් පුරුෂයන් ඉන්න රටක්

:       2       24

Janahitha Sunday, 13 October 2019 03:12 AM

සිංහල බෞද්ධ සියලු දෙනාට පින් කිරීමට අවස්ථාවක් මේ. අයට සනීපාරක්ෂක පරිසරයක් ,පිරිසිදු ඇඳුම් ලබාදී ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකිය. සමාජ රෝගයක් නම් වෛද්‍යවරු නිවසට එවන්නේ නැහැ. ගලේවෙල ජනතාව මෙතරම් අකාරුණික වීම නුගත්කමට උදාහරණයකි.

:       1       8

KumarSunday, 13 October 2019 05:23 PM

ඔබගේ කතාව ඇත්ත.

:       0       1

Jayawantha Sunday, 13 October 2019 05:19 AM

අපේ සිංහල අය බත් කන හරක්. ක්‍රියාත්මක වෙන්න ඕන දේට නෙවේ ක්‍රියාත්මක වෙන්නේ.මේ ගමේ හිටියේ ගොබ්බයෝ ටිකක්. පාසලේ ඉන්නෙත් මි හරක්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site