IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වෙලේ වතුර හරවන්න ආ ගොවියාට යකා වැහිලා

(වියලුව වාර්තාකරු)
තම කුඹුරේ ජල මුරය ඉක්මන් කර ගැනීම සඳහා ආරූඪ වූ ගොවි මහතෙකුගේ උපායක් පිළිබඳව ගොවි ජනපදකින් දැන ගන්නට ලැබේ.


සිද්ධිය මෙසේය.


එය ප්‍රදේශයේ ප්‍රධානතම ගොවි ජනපදයකි. ප්‍රධාන ඇළ මාර්ගයේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම නිසා කුඹුරු ඉඩම්වලට ජලය සපයනු ලැබුවේ කලින් සකසා ගත් විශේෂ මුර ක්‍රමයක් යටතේය.


ගොවීන්ගේ කුඹුරුවලට ජලය සැපයීම සඳහා විශේෂ ජල මුර ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ සඳහා ගොවීන්ට වෙන් වෙන් වශයෙන් වේලාවක් හා දිනයක් ද ගොවි සංවිධාන විසින් වෙන්කර දෙන ලදී.


නියමිත වේලාවට තම ඉඩම්වලට ජලය හරවන්නැයි ගොවි සංවිධාන කොතෙක් උපදෙස් දුන්නද ඇතැම් ගොවීන් ඒ සඳහා වැඩි කාලයක් ගත කළේ සෙසු ගොවීන්ගේ ජල මුරවලටද බාධා එල්ලවන පරිද්දෙනි.


පෙර කී ගොවි මහතා ද නියමිත වේලාවට තම ඉඩමට පැමිණියේ ජල මුරය ක්‍රියාත්මක කිරීමටය. එහෙත් ඊට පෙර කුඹුරේ ජල මුරය ක්‍රියාත්මක කරමින් සිටි (වතුර හරවමින්) ගෙවිලියක් පෙරකී ගොවි මහතාගේ ජල සැපයුම් මාර්ගය ද අවහිර කරමින් ඇගේ කුඹුරට තවදුරටත් ජලය සැපයීමට කටයුතු කළේ නියමිත වේලාවද ඉක්මවා යමිනි.


හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ බලා සිටියදී පෙර කී කාන්තාව හිතාමතාම තම ජල මුරය පමා කරන බව තේරුම් ගත් හෙතෙම ඇය පන්නා දැමීමට අපූරු උපායක් ක්‍රියාත්මක කළේය.


කුඹුරේ නියරක් මතට ගොඩවූ හෙතෙම එක්වරම ගොයම් ගස් කීපයක් ගලවාගෙන ඒවා ඉහළට ඔසවමින් යකැදුරෙකු පරිද්දෙන් හූ තබමින් කුඹුර පුරා නටන්නට පටන් ගත්තේ පෙර කී කාන්තාව ද බියට පත් කරවමිනි.


 හූ හඬ මැද්දේ මිනිස් බිල්ලක් ඉල්ලමින් කෑගැසූ ගොවි මහතාගේ මුහුණ මෙන්ම ඔහුගේ නර්තන විලාසයෙන් තව තවත් භීතියට පත් ගෙවිලිය පසුපස නොබලාම වැටී වැටී නිවෙස බලා දිව ගියේ මර ලතෝනි දෙමිනි.


නියමිත වේලාවටත් කලින් තම ජල මුරය අවසන් කළ ගොවි මහතා සිය නිවස බලා පිය මැන්නේ මහ මග දී හමුවූ අසල්වැසියන් කීප දෙනෙකුටද සිද්ධිය විස්තර කරමිනි.  



අදහස් (0)

වෙලේ වතුර හරවන්න ආ ගොවියාට යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 37 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 339 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site