IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
හූනු සාත්තරයට අනුව බිරියගේ රැකවරණය මත සැමියාට නිවාස අඩස්සියේ එදින දවස පුරා කල්ගත කිරීමට සිදුවීමේ පුවතක් වයඹ හා රජරටට මායිම් අතර පිහිටි ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.


නිවෙසේ රැඳි සිටිනා තරුණ යුවළකි. උදේ කාලයේ සැමියාගේ වම්උර මතට හූනකු වැටී ඇති අතර, ඒ ගැන බිරියට දැන්වීමෙන් පසු ඇය ඒ පිළිබඳව සුබ අසුබ බලන්නට කටයුතු කළාය.
වහාම ලිත අසලට ගිය ඇය හූනන් ඇඟ වැටීමේ පලාපල කියවන්නට වූවාය.


සිද්ධිය කියවූ ඇය එහි පලාපල බැලූ වගක් සැමියාට නොකියා ගෙයි කාලය ගත කළේය. ඒ කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සැමියා එහි සුබ අසුබ අසන්නට ගියේ ද නැත. ඇය ලිත බලා ඇති වගක් ඔහු දන්නේ ද නැත.


උදේ කාලයේ වත්තේ වැඩක යෙදුණු සැමියාට තම බිරිය ද වෙනදාට නැති ඇල්මක් දක්වමින් ඒ අසලම ලෙන්ගතුව රැඳී සිට ඇත. 


දහඩිය ගතේ තැවරුණු සැමියා දහවල් නාන්නට වැවට යාමට  සූදානම් වූ විගස වෙනදා නිවෙසේ නාන කාමරයෙන් දියනාන බිරිය ද වැවෙන් නාන්නට අවැසි බව පවසා එම යතුරු පැදියට ගොඩ වූවාය.


ඉන් අනතුරුව ගෙදරට දෙදෙනා පැමිණ දහවල් ආහාරය ගෙන සවස් යාමයේ සැමියා කඬේට යාමට සූදානම් වූ විට යතුරු පැදියේ යතුර හා එහි ලියකියවිලි ඇය සඟවාගෙන සැමියාට පිටතට යාමට නොදී මග අහුරා තිබේ.


වෙනදාට නැති ලෙන්ගතුකමක් පෙන්වමින් වත්තේ රැඳී සිටි ආකාරය මෙන්ම, දිය නාන්නට වැවට පැමිණීම ගැන ද සැක සිතු සැමියා එසේ පිටවීමට නොදෙන්නට හේතුව සොයන්නට මෙන්  හූනු සාත්තරය කියවන්නට ලිත අසලට ගොස් ඇතත්, එම ලිත ද ඇය ගලවා සඟවා තිබූ බව දැක ඔහු මවිතයට පත්ව ඇත.


ඒ අනුව තම ජංගම දුරකතනයෙන් හිතවතකු අමතා වම් උර මතට හූනකු වැටුණොත් එහි පලාපල ලිත බලා කියනා ලෙසට පවසා තිබේ.


වහා ලිත වෙත ගිය හිතවතා ද එය බලා“ ස්ත්‍රී සැපය” බවට පවසා ඇත. හූනු සාත්තර ගැන ඉහළින්ම විශ්වාසය තබා ඇති ඇය අන් අයගෙන් ඔහුට යම් ස්ත්‍රී සැපයක් එදිනට ලැබිය හැකි බව සිතා එසේ යාම වළකාලීමට මෙම පියවර ගෙන ඇති බවට එහිදී ඔහුට වැටහුණි.



අදහස් (1)

බිරිය හූනාට බියවී සැමියා දවසක්ම නිවාස අඩස්සියේ

sampath Tuesday, 04 June 2019 09:12 AM

හූණු සාස්තරේ හරි හෝ වැරදි මේ කාන්තාව තමන්ගේ මනුස්සයා හැමදෙයින්ම බේරගන්න දරපු අහිංසක උත්සාහය පැසසිය යුතුයි. නූතන සමාජයට මෙවැනි දේ විහිළුවක් වගේ වුණත් හැම මොහොතේම අවදානයෙන් තමන්ගේ යුතුකම් ඉටුකරනවා නම් සමාජ ප්‍රශ්න අවම කරගත හැකියි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 94 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site