IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිරියගේ අනියම් පෙම අල්ලාගන්න සැමියා ‘බෝම්බවලින්’ වාසි අරන්

තම බිරිය සහ අනියම් සැමියාගේ සම්බන්ධය හෙළිදරව් කරගැනීම සඳහා සැමියකු විසින් සැක කටයුතු යුවළක් ලැගුම් හලක සිටින බවට ඇමතුමක් ලබා දීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.


කොළඹ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක අසල සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විමර්ශනය කරමින් සිටියදී එකවරම දුරකතන ඇමතුමකින් පොලීසියට තොරතුරක් ලබා දී තිබිණි. එම තොරතුරට අනුව දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක යුවළක් අලුයම් කාලයේ සිට රැඳී සිටින බව ය.


 එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව විස්තර කිසිවක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම පොලිස් කණ්ඩායමක් කැඳවා සැකකටයුතු ලැගුම්හල පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබීය.


කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම මෙම ලැගුම්හලේ කාමරය වටලා එහි දොර විවෘත කිරීමට ලැගුම්හල් හිමිකාරිනියට   පොලිසිය අණකළ කළේය.


එම කාමරයේ කාන්තාවක් සහ පිරිමි අයකු සිටි අතර එක වරම ලැගුම්හලේ පිටත සිට තවත් පුද්ගලයකු එම ස්ථානයට දිව එන්නට විය. ඔහු කියා සිටියේ මෙම ඇමතුම පොලිසියට ලබා දුන්නේ තමන් බවත් මෙම කාමරයේ සිටින්නේ තමාගේ බිරිය අනියම් සැමියා සමග බවත්ය.   


  නිවෙසින් සේවයට යන බව පවසා ඇය පැමිණි බවත් නිතර නිතර තම බිරිය වෙනත් පුරුෂයකු සමග මේ ආකාරයෙන් ලැගුම්හල්වල සිට රැකියාවට යන බවද ඔහු කෑකෝගසන්නට වුයේය.


  පසුව මෙම ලැගුම්හල් හිමිකාරිනියට පොලිසිය කියා සිටියේ නවාතැන්පොළ යනු මෙයාකාරයෙන්  පැයට දෙකට කාමර ලබාදීමේ ක්‍රමවේදය නොවන බව ය. එහෙත් ඇය කෑ ගසන්නට වූයේ පැයට දෙකට කාමර ලබාදීම ඇයගේ රැකියාව බව පවසමිනි.


කෙසේ වෙතත් සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පෞද්ගලික ප්‍රශ්න තම තමන්ට විසඳාගන්නා ලෙස පවසමින් ඇමතුම ලබාදුන් සැමියාට දැඩි ලෙස අවවාද කර පිරිස විසිර යැවුහ.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 



අදහස් (1)

බිරියගේ අනියම් පෙම අල්ලාගන්න සැමියා ‘බෝම්බවලින්’ වාසි අරන්

පිටිගල මිලානෝ Thursday, 25 April 2019 10:10 PM

මේකට කියන්නේ 'ෂෝට් ටයිම්' කියලා...... වැඩි විස්තර අවශ්‍ය නැහැනේ.... අපි ඔක්කොම ලංකාවෙනේ........!!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site