IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බ්රිඳ සැමියාගේ නිරෝධායන සහතිකය ඉල්ලුවාම 17 වසරක රහස දොට්ට පැනලා

විදෙස් රටක රැකියාවකට යන බව කියා නිවසින් ගොස් අවුරුදු 17කට පසු නිවසට පැමිණි සැමියාගෙන් බිරිඳ ‘නිරෝධායන’ සහතිකය ඉල්ලා සිටීමේ පුවතක් කටුගස්තොට පොලිසිය කළ පරීක්ෂණයකින් හෙළිවෙයි.


කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු දෙදරු පියෙකි. වරක් විදෙස් රටකට වසර දෙකක් සේවය කර පැමිණි මොහු ටික දවසකින් නැවත වෙනත් රටකට යන බව පවසා නිවසින් ගොස් තිබේ. ටික දවසක් යන විට නිවස සමග සම්බන්ධතා නැවතුණ අතර ඔහු විසින් බැංකුවට උකස් කරන ලද රත්‍රන් භාණ්ඩ බේරාගන්නා ලෙස දන්වමින් බිරිඳගේ නිවසට ලිපි ලැබෙමින් තිබිණ. විදෙස්ගත තම සැමියා රන් භාණ්ඩ උකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැක සිතූ බිරිඳ ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටියාය.


මේ අතර පසුගිය දිනෙක ඔහු හදිසියේ නිවසට පැමිණ ඇත්තේ තමන් විදෙස් රටේ සිට යළි ලංකාවට පැමිණි බව ප්‍රකාශ කරමිනි.
සැමියා ගැන යම් සැකයකින් පසුවූ බිරිඳ, ‘විදෙස්ගතව සිට පැමිණියානම් කෝ නිරෝධායන සහතිකය’ යි සැමියාගෙන් අසා තිබේ. ඒ සමගම අන්දුන් කුන්දුන් වී ඇති සැමියාට තවදුරටත් සත්‍ය වසන්කර ගන්නට නොහැකි වී තිබේ. මේ වන විට අසල්වාසීන්ද එම ස්ථානයට පැමිණ ඇති අතර සැමියාව පොලිසියට බාරදෙනු ලැබ තිබේ.


එහිදී හෙළි වී ඇත්තේ විදෙස් රටකට යන බව පවසා සැමියා පසුගිය වසර 17ක් පුරාම අනියම් බිරියක සමග ලංකාවේම වෙනත් පළාතක පවුල් කා ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)

 



අදහස් (0)

බ්රිඳ සැමියාගේ නිරෝධායන සහතිකය ඉල්ලුවාම 17 වසරක රහස දොට්ට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site