(මාවතගම - කාන්චනමාලා බණ්ඩාර)
වසර හතරක් තිස්සේ එකට සිටි සැමියා එපා කියා නුදුටු පෙම්වතා සමග යනවා යැයි කී බිරිය නුදුටු පෙම්වතා දුටුදාම එපා වීමේ සිදුවීමක් මාවතගම පොලිසියෙන් වාර්තා වෙයි.
මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම තරුණ අඹුසැමි යුවළ සතුටින් සාමයෙන් කල්ගත කළේ එකම කාර්යාලයක ද සේවය කරමිනි.

කාලය ගතවෙද්දී බිරිඳ දුරකතනයෙන් කා සමග හෝ නිතර නිතර දොඩමලුවන ආකාරයක් සැමියාට දකින්නට ලැබිණි.
ටික කාලයක් ඉවසා සිටි සැමියා බිරිඳගෙන් ඒ ගැන විමසුවේ වෙනත් කළ හැකි දෙයක් නොවන නිසාය.
මේ වනවිටත් දුරකතන මිස් කෝල් එකකින් ආරම්භ වූ ප්‍රේමයකින් මුසපත්වී සිටි බිරිඳ උරණ වී සැමියාට බැණ වදින්නට වූවාය.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීම කෙළවරවූයේ “මම එයා එක්කම යනවා මට ඔයා එපා වෙලා ඉන්නේ” යැයි කියමිනි.
සැමියා කිසිසේත් බලාපොරොත්තු නොවූ බිරිඳගේ මේ වදන් හදවතට මහත් වේදනාවක්ම විය. ඔහු වහා මාවතගම පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කළේ තම බිරිඳ අනියම් ප්‍රේමයක පැටලී සිටින බවටය.
පොලිසිය වහා ක්‍රියාත්මක වී පවුල් අවුල් විසඳීමේ ළමා හා කාන්තා අංශය වෙත දෙපිරිසම කැඳවීය.
සැමියාත් බිරියත් බිරිඳගේ නුදුටු පෙම්වතාත් කැඳවා තිබිණි. බිරිය මාසයක කාලය තුළ දුරකතනයෙන් හඳුනා ගෙන සිටි මෙතෙක් නුදුටු පෙම්වතා එදින ඔවුනොවුන් දැකගත්හ.
තමා ප්‍රේමයෙන් මුසපත් කළ නුදුටු පෙම්වතා දැක ඇයට අන්දමන්ද වූවාය. “දුරකතනයෙන් කතා කළ ඔහුමද මේ” ඇයට සිතිනි.
දුරකතනයෙන් සුරංගනා කතා කී ඔහුගේ මුහුණ දුටුදාම ඇයට ඔහු එපා විය. තමා මවාගෙන සිටි රුව එහි නොවීය.
මාවතගම පොලිසියේ කාන්තා අංශයේ ස්ථානාධිපති ඉන්දිකා දැල්කඳුර මහත්මිය බිරිඳගෙන් කරුණු විමසීය.
“අනේ මට නම් බෑ එයා එක්ක යන්න මට මගේ මහත්තයාම හොඳයි” අවසානයේ බිරිය පොලිසියට පැවසුවේය. දෙපිරිසටම අවවාද කිරීමෙන් පසු සැමියාත් බිරියත් එකට යනු දක්නට ලැබිණි.
මාවතගම පොලිසියේ සිදුවීමකි.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දුරකතනයෙන් නැළවූ පෙම්වතා හැබැහින් දැක්කාම දවල් තරු පෙනිලා
Walter White Tuesday, 24 December 2019 07:14 AM
ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මහිමය....
Su Wednesday, 25 December 2019 01:22 PM
මාවතගම අය ඔහොම තමයි