IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘‘රට දිනවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට කැපවෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රට දිනවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී කැපවන බව ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කොළඹදී  පැවැසීය.

මෙරට ජනතාවගේ ජීවන තත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික සැලසුම් සකස් කර ඒ මගින් රට දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදි පැවැසීය.

කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී  අද (26) යෙදුනු සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශීර්වාද මැද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ භාරගනු ලැබීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂද සිල්වා මහතා මෙසේද කීවේය.

      ‘‘මෙරට සියළුම දෙනාට ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙන සමාජ සාධාරණත්වයෙන් යුතු දැනුම මත පදනම් වූ තරගකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. පසුගිය වසර තුනක කාලය තුළ අපි ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ගෙන ගියා. එහිදී අපිට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවුණා.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව රජයක් මගින් ආර්ථික වශයෙන් රට ගොඩනැගීම සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. මේ නව තනතුරත් සමඟ රට මුහුණ දී තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටත් ඒ සඳහා  නායකත්වය දීමටත් මම කැපවෙනවා.

සෞඛ්‍ය, අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම ඇතුළු ක්ෂේත‍්‍රවල ධනාත්මක ප‍්‍රතිසංස්කරණ මෙරටට හඳුන්වාදීම ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් විරුද්ධ අදහස් දක්වන පිරිස් සමඟ බුද්ධිමය සංවාදයේ යෙදීමට අපි සූදානම්.

මෙරට අඩු ආදායම් සහ මධ්‍යම ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අවශ්‍ය ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ  අභියෝගය අපි ජය ගතයුතුයි. ඒ මගින් රට වැටි ඇති ප‍්‍රපාතයෙන් අපි ගොඩගත යුතුයි’’ යැයිද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.



අදහස් (7)

‘‘රට දිනවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට කැපවෙනවා‘‘

Raveendra Wednesday, 26 December 2018 01:17 PM

අපේ ජනවහරේ තියෙනවා වැඩ කරන මිනිසා අඬබෙර නොගස්සයි කියා. එමෙන්ම කටින් ඇපල් ඉන්දන්නෙත් නැති බව.... තවද හිස් කල සද්ද වැඩි බවත් පිරුණු කලවල සද්ද නැති බවත්ය. එබැවින් "මහජන මුදලින් යැපෙන තම ජීවිකාව ගෙවන මෙම මහජන නියෝජිතයාට" අප මෙසේ පවසන්නෙමු. තමහිතට එකඟව තමන් උපන් රටට අවංකව සේවය කර පෙන්නන්න අඩු තරමින් තමන් ලබපු නිදහස් අධ්‍යාපනයේ කළගුනේවත් තබන්න කියා. අපට ඔය කිසිඳු මූසල පක්ෂයකින් කිසිඳු වැඩක් නැත. තමන්ගේ යුතුකම කරලා පෙන්නන්නකෝ...

:       2       25

V.warnakulasuriya Wednesday, 26 December 2018 02:06 PM

අවු.70 ක් මේ අලංකාර වාක්‍ය අපට ඇසුණා පමණි. සියළුම දෙනාට ආර්ථික ප්‍රතිලාභ සහ සමාජ සාධාරණත්වය අපි දුටුවේ සිහිනෙන් පමණකි. එහෙත් මෙරට එක්තරා පන්තියක් පමණක් නම් එදත්, අදත්, හෙටත් දිනවන ආර්ථිකයක වාසනාවන්තයන් වෙති. බොහෝ තරුණ දේශපාලකයින්ට රට ගැන අවංක චේතනාවක් තිබුණත්, පවතින මජර දේශපාලනයේ ඔවුන් බොහෝදුරට සිරකරුවන් සහ වහලුන් මෙන් හැසිරෙති. මේ නිසා මේ ප්‍රකාශ අපි සුරංගනා කතාවලට එක් කරමු.

:       2       34

RaveendraWednesday, 26 December 2018 02:56 PM

සහතික ඇත්ත , මේ ගොයියත් අපිට " වැල්අල " පොඩි කරනවා...

:       3       12

Lal Wednesday, 26 December 2018 03:32 PM

මේ අයට සත්‍ය වශයෙන්ම දැක්මක් නැහැ. දැනට එසේ දැක්මක් නැතිවෙලා තිබෙන එකට ප්‍රධාන හේතුව මෙයාලාගේ නායකත්වය. ඒ නායකත්වය වෙනස් වුනත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපේ රටට බරපතල ලෙස අහිතකරයි. අද මෙයලාගේ නායකත්වයේ අරමුණ පක්ෂයේ නම වෙනස් කරලා ලොකු සෙල්ලමක් දාන්න. රටට ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බුද්ධිමත් ජනතාවක් සිටින බව මේ අය අමතක නොකළ යුතුයි...

:       0       1

Rohana Thursday, 27 December 2018 02:02 AM

අපේ රටේ යමක් කරනවට වඩා ලස්සනට ලියන්න කියවන්න දක්ෂ අය ඉන්න බව නම් පෙනෙනවා

:       4       6

kim Thursday, 27 December 2018 10:28 AM

එක කට්ටියක් දන්නේ චීනෙට රට විකුණා සංවර්ධන මැජික් පෙන්නන්න. අනිත් කට්ටියට කරන්න පුළුවන් බදු ගහන එක විතරයි. මේ බදු නිසා සුළු හා මධ්‍ය කර්මාන්ත කරුවන් කොච්චර අමාරුවේ වැටිලා තියනවද? ලංකාව දියුණු කරන්න නම් නිතිය එක සමානව ක්‍රියාත්මක කරන්න ඕන. රටට විනිමය ගෙන එන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන සහ සංචාරක ස්ථාන වල පහසුකම් හා සේවා ජාත්‍යන්තර මට්ටමට ගෙන්න ඕන. සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන්ට, සුළු හා මධ්‍ය අපනයනකරුවන්ට දියුණුවෙන්න අවස්ථාව සලසන්න ඕන. සමහර ක්ෂේත්‍ර සඳහා බදු සනහ දෙන්න ඕන. උදාහරණ විදියට, රැකියා ඇතිකරන අයි ටි හා තාක්ෂණ ආයතන. ඇත්තටම මේ සංස්කරණ 2015 සිට ක්‍රියාත්මක කළා නම් ඩොලරය මේ විදියට ඉහලට යන්නේ නෑ. 2015 සිට මේ දක්වා කළේ හිටපු අයට වඩා හොඳට ගැහිල්ල කරන විදි හොයන එකයි.

:       0       0

Bamunuarachchi Friday, 28 December 2018 06:41 AM

ඔබ මේ පාර්ලිමේන්තුවට ගොඩ වෙච්ච දහසකුත් මන්ත්‍රීවරුන්ගෙන් එක්කෙනෙක් පමණයි. ඔබට විශේෂත්වයක් මෙතන නැත. මන්ත්‍රී හැටියට ඉන්න නැතිනම් යන දේවාලයක යන්න.

:       32       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 836 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1780 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site