(හර්ෂණ තුෂාර සිල්වා)
ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා (6) ප්‍රකාශ කළේය.
නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කර නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කළ යුතු යැයි ද ප්‍රේමදාස මහතා පැවැසීය.
කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ බව කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.
“ජනාධිපතිවරණයකට මුහුණ දී එම දැවැන්ත අභියෝගය ජයග්‍රහණය කර මේ රට නව මාවතකට යොමු කර, නව දර්ශනයක්, නව පිළිවෙතක් සහ නවීන චින්තනයක් ඔස්සේ අපේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ අභියෝගය අපි බාර අරගෙන තිබෙනවා.
මිත්‍රවරුණි, මෙම මැතිවරණය තුළ අපට ශක්තීන් රැසක් තිබෙනවා. අපි වැඩ කරලා ඔප්පු කරලා තිබෙනවා. අපි ජනතාවට දැවැන්ත සේවාවක් කරලා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ රටේ පොදු ජනතාවට මෑත ඉතිහාසයේ ජන සමාජයේ සියලූම තල ආවාරණය වන ආකාරයට වාර්තා ගත ඓතිහාසික වැඩසටහනක් ඉටු කළේ අපේ ආණ්ඩුව බව මේ අවස්ථාවේදී බොහෝම ආඩම්බරයෙන් කියනවා. ඒ සංවර්ධන සේවාවෙන් ඔබ්බට, එම සංවර්ධන සේවාව ශක්තිමත් අලුත් ආකාරයේ වැඩපිළිවෙළකට කාලය එළැඹ තිබෙනවා.
අපි රටක් හැටියට ලොව දිනන්නට ඕනේ. ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපේ රට තුළ අගය එකතු කිරීමේ සංවර්ධන ක්‍රියාදාම ආරම්භ කරන්න ඕනේ. නව නගර නිර්මාණය කර නව කර්මාන්ත ජනපද නිර්මාණය කරලා නවීකරණය තුළින් නවෝත්පාදනය තුළින් කර්මාන්තකරණය තුළින් අපේ රට තුළ අපනයන පදනම් ආර්ථික රටාවක් ඇති කරන්න ඕනේ. එම ආර්ථික රටාව ශක්තිමත් කරන්න ඕනේ”.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 70ක් තිස්සේ රට කරලා මේ රටේ කර්මාන්ත කියල තියෙන්නේ ඇගලුම් කර්මාන්ත විතරයි. 71 මැතිණි ඇතිකරපු ටිකක් හරි කාර්මික ආයතන ටිකත් ඊට පස්සේ පත් වෙච්ච ආණ්ඩු ටිකෙන් ටික විනාස කරලා දැම්මා. ඒ ටික හරි හරියට රැකගත්තනම් අද අපි මීට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න රටක්.
කපටිකම දේශපාලනයේ එක අංගයක්... හැමදාමත් දේශපාලකයා කලේ අපිව ගොනාට අැන්දුව එකනේ... අනික අපේ මිනිසුන්ටත් ඉක්මණට අමතක වෙන ලෙඩේ තියෙන නිසා රවට්ටන්නත් එච්චර අමාරු වැඩක් නෙමෙයි.
දෙපැත්තේ ඉන්න දෙන්නගේ කතා අහල සජිත් මහත්තයට සසර කලකිරිලවගේ
කාර්මික විප්ලවය ඉවරවෙලා ගොඩක් කල් කියල දන්නේ නැතිව ඇති... මම මතක විදියට ඕ ලෙවල් පංතියේ ඉතිහාසයට කාර්මික විප්ලවය ගැන උගන්නනවා... දැන් තියෙන්නේ තොරතුරු තාක්ෂණ විප්ලවයක්... ඕව දන්නේ නැති එක අතකට පුදුමයක් නෙවෙයි... නැත්තං නිකං කන්න දීලා ඡන්ද ගන්න කතා කරයිද...?
ඡන්ද උණ උත්සන්න වෙලා විකාරෙන් දොඩවනවා...
සජිත් මහත්තයෝ ඔය වම් පැත්තේ ඉන්න කෙනාව නම් ගාව ගන්න එපා. එන සැරේ ඔයාවත් විකුනාවී
උගතුන් පිරි පක්ෂයක් , නමුත් වැඩ කරන්නේ නුගතුන් වගේ හරියට මොලේ කල්පනා කෙරුවනම් ඉදිරියේදී හෝ රට ගොඩ ගන්න පුළුවන් ! ප්‍රධාන දේ ඡන්ද පොරොන්දු ඉෂ්ට කරන්න ! හොරාට දඩුවම් දෙන්න සුදුස්සාට නියම තැන දෙන්න, තාක්ෂණය දියුණු වුනාට වැඩක් නැහැ, බොරුවයි, වංචාවයි උතුරනවානම් රට පාලනය කරනවා කියන්නේ තම මිත්‍රයින් නඩුවලින් නිදහස් කරන එක නෙමේ. රටේ ජනතාව යහමගට අරගෙන රට ස්වයංපොෂිත කරන එක, අපේ රටේ වෙන්නේ හොරකන, එක නීතිය නොසලකා හරිම, කිසිම නායකයෙක් දුෂිත වැඩ කෙරුවම හිරේ නොගිහින් නිදැල්ලේ ඉන්න එකම රට ලංකාව. රටේ නායකයාත් හොරුන් ආරක්ෂා කරනවා, අධිකරණයත් ඒ දේම කරනවා රට ගොඩගන්න පළමුව මේවා නතර කරන්න
මේ කියන වෙනස කරන්න තිබුනේ 1977.
නාකි රිලව් හීන දකිනවා.
දවස් 100 යෙන් අලුත් රටක් කරපු අයට කාර්මික විප්ලවය මොන කග්ගක්ද?
මෙතුමා තව අවුරුදු කොපමණ බලයේ හිටියත් කාර්මික විප්ලවයක් ඇති කරන්නේ නැහැ . එක මෙතුමාට කරන්න හැකියාවක් වගේම තේරුමකුත් නැහැ . මෙතුමා තව බලයේ හිටයොත් සම්පත් විකිණීම නම් හරියටම කරයි .
අර පොක්ස්වැගන් කරමාන්තශාලාවත් ඒ කාර්මික විප්ලවයේ කොටසක් වෙන්න ඇති නේද?
ඔය විප්ලව කරලා අහුවෙන්නකෝ.....
කාර්මික විප්ලවයක් කියන්නේ මොකක්ද කියලා දන්නවාද? ඔව් රටේ තිබෙන කුඹුරු ඔක්කොම කර්මාන්ත ශාලා කොරන්න කොම්පැනි වටලා විකුණා පල්ලා. ඕලෙවල් පාස් කර තිබුනා නම් දන්නවා ලංකාව කෘෂිකාර්මික රටක් කියලා. ඉන්දියාවෙන් ලංකාවට ගෙනෙන හාල් වලමිල ලංකාවේ මිලෙන් 3/4 පමණ වෙනවා. වතුරයි භූමියයි දැනුමයි තිබිලා තවම බැරිඋනා අඩුමිලට හාල් ටික නිෂ්පාදනය කොර ගන්න. දැනුමත් නැතිව, උවමනා අමුද්‍රව්‍ය නැතිව කර්මාන්ත ශාලා නැතිව මොන කාර්මික විප්ලවද. අනික ඒ නිෂ්පාදන කාට විකුනන්නද?