(ජයන්ත සමරකෝන්)
සුපිරි වාහන බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ඉක්මවන මෝටර් රථ හා ජීප් රථ මිල 100%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි.
ඉකුත් 1 වැනිදා සිට මෙම සුපිරි වාහන බද්ද ක්‍රියාත්මක වන බවද ඒ අනුව සීසී1500 ට වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන මිල ගණන් රුපියල් ලක්ෂ 25 – 35 අතර සංඛ්‍යාවකින්ද ඉහළ යන බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවැසීය.
මෙතෙක් සුපිරි බද්ද පැවතියේ සීසී 1800 එන්ජින් ධාරිතාව ඇති වාහන සඳහනා පමණක් බවද ඒ මහතා කීය.
වාහන ආනයනයේදී පනවා තිබූ නිෂ්පාදිත බද්දට අමතරව සුපිරි බද්ද යටතේ වාහන වටිනාකම මත පනවනු ලැබූ බද්ද සීඅයිඑෆ් ඇතුළත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ට වැඩි වාහන මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
COMMENTS
අනේ හොඳයි කොච්චර දෙයක්ද? දැන්වත් වාහන ගන්න හිටි අය නොගෙන ඉඳියි... බලන්න කොළඹ කොච්චර නම් වාහන තදබදයක් තියනවද..? තවත් ලංකාවට එක වාහනයක් වත් ගේන්න දෙන්න එපා. මේ තියන ඒවා තව අවුරුදු 100කට ඇති. පුදුම රස්තියාදුවක් තියෙන්නේ වාහන වැඩිවෙලා... වාහන වලින් රට පොහොසත් වෙන්නේ නැහැ.
Amarasingha, මහත්මය ඔවු අපි පරණ කසිකබල් වාහන කොහොම හරි අටවාගෙන විෂ දුම් පිට කරමින් හරි භාවිතා කරමු , ඒවා අබලන් නිසා කොළඹ නගරේ ගාට ගාට යනකොට, අබලන් වෙලා මහා පාරේ නතර වුනහම වාහන තද බදය අඩුවේවි.
අමරසිංහත් තමන්ගේ වාහනේ විකුණලා පොදු ප්‍රවාහනේ පාවිච්චි කරලා බලන්න. එතකොට ඔය මහලොකු දාර්ශනික කථා නවතී. අපේ රටේ හැමෝටම වෙලා තියෙන්නේ අමරසිංහ වගේ උඩක්, බිමක් නොබලා කියවන එක... තමන් සැප විඳ විඳ අනුන් විඳින සැප කපා හරින්න මාන බලන එක. මිනිස්සු වාහන ගත්තට කමන් නෑ. ඒකට හරියන යටිතල පහසුකම් හා පිළිවෙල මේ රටේ හදන්න ඕනෑ. ජපානේ මිනිස්සු හැමෝටම වාහන තියනවා. ඒ රටේ ප්‍රවාහනෙත් ඉතාම හොඳ පිළිවෙළට තියනවා. හැම මිනිහගේම කාලයට හැම මිනිහම ඉතා ගරු කරනවා. මං මේ ළඟදී ප්‍රයිවට් බස් එකක ගියා... බුලත්විට ගන්න විනාඩි තුනහතරකට වඩා බස් එක නවත්තගෙන ඉන්නවා. රියදුරුටයි, කොන්දොස්තරටයි බුලත්විට කන්න හින්දා ඒ දෙන්නා අපේ කාලේ කනවා. අනික බස් කොන්දාගෙයි රියදුරාගෙයි වැඩේම කෝල් කරකර ඊළඟ බස් එක කොහෙද තියෙන්නේ බලන්න. ඒක එනකම් හෝල්ට් එකේ නවත්වගෙන ඉඳලා තමයි එයාගේ බස් එක අද්දන්නේ... පුදුම කාලෙකෑමක් කන්නේ... ඉතිං අමරසිංහ ඉස්සරවෙලාම පාරට බැහැලා මේ වගේ අත්දැකීම් අරන් ඉන්න...
මේකෙන් විශාලම ප්‍රතිලාභය ලැබෙන්නේ කාටද? තීරුබදු රහිත වාහන බලපත්‍රලාභීන්ට. තේරෙන භාෂාවෙන් කියනවා නම් දේශපාලුවන්ට.. !!
කෙටියෙන් කියනවා නම් ඉදිරියේදී අලුත් පුද්ගලික වාහනයක් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ.., දේශපාලුවෙකුට හෝ ඔහුගේ අතවැසියෙකුට, දොස්තර මාෆියාවේ කෙනෙකුට, පාතාල හොර ජාවාරම් කාරයෙකුට පමණි. එහෙම නම් අපේ මහජන මුදල් භාවිතාකර ඔය අධිවේගී මාර්ග හදන්න එපා. අපේ බදු මුදලින් ලංගමට අලුතෙන් බස් ගෙන්වලා රේල් පාරවල් ඉදිකර, කොච්චි අලුතෙන් ගෙන්වා පොදු ප්‍රවාහනය දියුණු කරන්න.. අර කියුබාවේ කළා වගේ අලුත් වාහන රටට ගෙන්වීම අවුරුදු 20 - 30 නවතලා දමන්න.. දේශපාලුවන්ගේ සහ අනෙකුත් තීරුබදු සහන බලපත්‍රත් තහනම් කරන. රටක පාලක පන්තිය සහ නිලධාරීන් විශේෂ වරප්‍රසාද ලබමින් අනිත් කොටසට අසාධාරණ ලෙස බදු පැනවීම හරිම අසාධාරණයකි..
කවුද මේ පොදු ප්‍රවාහන ගැන කියවන අය? රෑ 9 වෙනකොට ඔක්කොම බස් දුවන එක නවත්තලා ඒ ගොල්ලෝ නිදාගන්න යනවා. ඒ වෙලාවට එක්කෝ දහස් ගණන් දීලා ත්‍රීවීල් එක්ක ගෙදර එන්න වෙනවා. නැත්නම් උදේ වෙනකම් මහපාරේ නිදාගන්න වෙනවා.
ලංකාවේ ඕනෑම කෙනෙක් තමන්ගේ කියලා වාහනයක් තියාගන්න කැමතියි. මොකද නගරය ගැන හිතලා විතරක් නෙවෙයි ගම්බද ගැනත් හිතලා කියන්න ඕනා. පොදු ප්‍රවාහන භාවිතා කිරිම ඇත්තටම හොදයි. ඒත් පොදු ප්‍රවාහන නිරන්තරයෙන් තිබේද යන්න ගැටළුවක්. බස්, දුම්රිය රාත්‍රි 8 පසුවු පසු තිබේද? රටේ මාර්ග තදබදයට හේතුව වි ඇති ඇත්තේ මාර්ග පටු විමය. එසේනම් පටු මාර්ග පුළුල් කර සංවර්ධනය කළ යුතුය. එය සිදු කළේද නැද්ද යන්න, නොකිරීමට හේතුව කුමක්ද? යන්න මාර්ග භාවිතා කරන ඔබත් මමත් තේරුම් ගත යුතුය. වාහනයක් යනු කාගේත් හීනයකි. වාහනයක් නිෂ්පාදනය කිරිමට යන පිරිවැයට වඩා මේ රටේ වාහනයක් වත් නිෂ්පාදනය නොකර විදේශයන්ගෙන් ආනයනය කරන වාහන සදහා නිෂ්පාදන පිරිවැයට වඩා බදු ඇතුලත් කර විකිණිම රටේ ඇති ආර්ථික අර්බුදය විදහා දක්වයි. වාහන ගෙන්විම අවම කිරිමේ අරමුණෙන් බදු එක් කරනවා යන සුරංගනා කතාව අප වෙත කාලයක් තිස්සේ පවසන දෙයකි. රටේ මුල් පුරවැසියන් වෙත අසිමිත පහසුකම් සහිත වාහන ආනයනය කිරිමේදි සීමා රහිත බදු පහසුකම් ලබාදි එම රටේ පුරවැසියන් වන ඔබටත් මටත් අසීමාන්විතව බදු පැනවිම මොනතරම් ආශ්චර්ය ජනකද?
මේ හැමෝගෙම අදහස් සම්පිණ්ඩනය කලාම එතන කියවෙන්නේ නගරයට සහ ගමට යහපත් පොදු ප්‍රවාහන සේවයක් එනම් බස් සේවයක් හා දුම්රිය සේවයක් අවශ්‍ය බවයි. බොරුවට ණයවෙලා අධිවේග හැදුවට පොදු මහජනයාට ලැබෙන ප්‍රතිලාබ ඉතාමත් ටිකයි. මේ අයකරන බද්ද යොදවල පොදු ප්‍රවාහනය දියුණු කල යුථුයි.
වාහන ලංකාවට ගෙන්වනකොට අයකරන බද්ද කෙලින්ම පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීමට යෙදවීමෙන්, දුප්පත් මිනිසුන්ට සේවයක් සිදුවන අතර, ඉදිරියේදී පොදු ප්‍රවාහන සේවා දියුණු වූ විට පොහොසත් මනුෂ්‍යයත් යුරෝපයේ මෙන් පොදුප්‍රවාහන සේවා භාවිතයට ක්‍රමයෙන් යොමු වනවිට නගරවල වාහන තදබදයද අඩුවේවි..!!
වාහන තීරුබදු වලින් ලබාගන්න මුදල් කෙලින්ම පොදු ප්‍රවාහන සේවයට යොදවා ගන්න ලෙස පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම, සමාජවාදී කියන පක්ෂවල පරම යුතුකමකි. එමගින් පීඩිත පන්තියේ ජනතාවට විශාල සහනයක් ලැබෙන බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ.. තවම ප්‍රමාද මොකද?
පොදු ප්‍රවහන සේවා අනිවාර්යයෙන්ම දියුණු කල යුතුය. මම ජෙර්මනියේ ජිවත්වෙනකොට වාහනයක් තිබුනත් බොහෝමයක් ගමනාගමන කටයුතු කරගන්නේ පොදු ප්‍රවාහන සේවය උපයෝගී කරගෙන , නමුත් ලංකාවේ පුද්ගලික වහනයක් නැතුව බැහැ , හොඳම උදාහරණය සැම ජර්මන් ගුවන් තොටුපල්කම ඉඳන් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයට කොච්චි සේවයක් සෑම විනාඩි 10 -15 වරක් සිදුවෙනවා , ඕනෙම කෙනෙකුට ට්‍රොලියක් දුම්රිය ළඟටම තල්ලු කරගෙන ඇවිත් සුට් කෙස් එක දුම්රියට දමාගෙන පහසුවෙන් යන්න පුළුවන්. නමුත් ලංකාවේ ගුවන්තොටුපල ළඟටම දුම්රිය මාර්ග , හදල තිබුනත් මෙවැනි පහසුකමක් නැහැ. ටැක්සියකින් හෝ පුද්ගලික වාහනයකින් හැරෙන්න වෙනයම් ක්‍රමයකින් බඩු මලුත් අරන් අපේ ගුවන් තොටුපලින් ගුවන් ගතවීමට යාම හෝ මෙරටට පැමිණීම ඉතාම අසීරු කර්තව්‍යක් , මේවා අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ .
ජනහිත ඔබගේ අදහස හරි.
අපි දිගින් දිගටම අපේ ආර්ථික මර්මස්ථාන වල පාලනය දේශපාලකයන්ට කඩේ යන රස්තියදුකරයන්ට සහ මැරයන්ට භාරදී දුක්විදින්න ඕනෙද ?
පොදු ප්‍රවාහනය දියුණු කිරීම අවශ්‍යයයි. හිරවෙලා පොල් පැටෙව්වා වගේ බස්වල (කොට කොට) හා දුම්රියේ ගමන් කිරීම පොදු ප්‍රවාහනය නොවෙයි. හොඳ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් අවශ්‍යයයි. ඒවාට තමා ඡන්දයෙන් පාලකයින් පත් කරන්නේ. එතකොට ඔය කියන වාහන තබදය ඇතිවන්නේ නැහැ. පොදු ප්‍රවාහනය දුර්වල නිසා මිනිසුන් පුද්ලික වාහන පරිහරණයට පෙළඹෙනවා. වරද තිබෙන්නේ රට කරවන ඇත්තන් අතේ තමයි.