පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඇද වැටුණු ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය හෙමි හෙමින් හිස ඔසවමින් සිටී. පසුගිය අපේ‍්‍රල් මාසයේදී 166,975 ක් වූ සංචාරකයන්ගේ පැමිණීම අප්‍රේල් 21 වැනිදා සිදුවූ ප‍්‍රහාරයෙන් පසුව මැයි මාසයේදී 37,800 දක්වා පහළ බැස්සේය.
එහෙත් ජූලි මාසය වෙද්දී සංචාරකයන්ගේ පැමිණීම නැවතත් 100,000 සීමාව ඉක්මවා ගිය අතර විවිධ හේතු මත සැප්තැම්බර් මාසයේදී තරමක් පහළ බැස ඇතත් 100,000 සීමාවෙන් ඉහළ පවතී.
අවසන් මාස හයේදී සංචාරකයන්ගේ පැමිණීම පහත සඳහන් පරිදි වේ.





ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන්ගේ පැමිණීම කිසිම ආකාරයකින් ඉහළ ගොස් නැත.එසේනම් ලංකාවේ තිබෙන වැඩිපුරම හෝටල් ප්‍රමාණයක් මිනිස්සු නැති නිසා වසා දමන්නේ නැත. ඒ වගේම සේවකයන් දහස් ගණනින් ඉවත් කර වැඩිපුර හෝටල් ප්‍රමාණයක් විකිණීමට හෝ වසා දැමීමට සුදානම්ව ඇත.මේ එන සංචාරකයන්ගෙන් වැඩි දෙනෙක් පිටරට පුරවැසිකම ලබාගත් ලාංකික පුරවැසියන්ය.ඔවුනුත් සළකන්නේ සංචාරකයන් ලෙසය.
ලංකාවේ අනෙක් කර්මාන්ත වගේම ලංකාවට සංචාරක කර්මාන්තෙකුත් නෑ. බිල්ඩිමක් හදලා ඒසී ටිකක් හයි කරාම සුද්දෝ කඩාගෙන එයි කියල හිතන ව්‍යාපාරික මෝඩ ප්‍රජාවක් අපිට ඉන්නේ. ලංකාවට කර්මාන්තයක් හැටියට සංචාරක අනන්‍යතාවයක් නෑ. ආසියාවේ මේ පැත්තට එන සුද්දෝ ටිකක් ලංකාවටත් ඇවිත් යනවා. ඕක තමයි වෙන්නේ. මම සැප්තැම්බර් මුල ලංකාවට ගිය වෙලාවේ, අහුන්ගල්ල පැත්තේ හොටෙල් එකක හිටියා, රු. 10,000 වලට දීපු රූම් එක 5500 දෙන්නේ. මුළු හෝටලෙටම හිටියේ මම විතරයි. ලොකු රෙස්ටුරන්ට් එකක් තිබුනත්, කෑම ගෙන්න ගන්න උනේ, ළඟ පාත පෙට්ටි කඩේකින්. ලොකු හොටෙල් එකක් උනාට හිටියේ, ක්ලීන් කරන කෙනයි, තව රිසෙප්ෂන් එකේ ගෑනු කෙනෙකුයි විතරයි. දැනට හෝටල් 2000 - 3000 විතර දාලා තියෙනවා විකුණන්න. ඒවයේ දාල තියෙන මිලගණන් අනුව, හෝටලෙන් ලැබෙන ඉදිරි අවුරුදු 10ක විතර නෙට් කෑෂ් ෆ්ලෝ එක, අලුතෙන් ගන්න මිනිහට නැති වෙනව. කවුද මේ ගණන් වලට හෝටල් ගන්නේ. මෙහෙම වෙන්නේ රටේ ආර්ථිකේ වර්ධනය 2% විතර නිසා. ආර්ථික වර්ධනයක් නැතුව කිසිම ව්‍යාපාරයක් පවතින්නේ නෑ. මිනිස්සු තමන්ගේ ව්‍යාපාර විකුනලා ජීවත් වෙන්න හදන මානසිකත්වයක් එන්නේ ඒ නිසා. මේ චක්‍රට අහු වුනු රටක් ඉතිරි වෙන්නේ නෑ.
මේක සම්පුර්ණ බොරුවක්. මමත් සංචාරක කර්මාන්තයේ ඉන්නේ. කොහෙන්ද මේ සංඛ්‍යා ලේඛන ගන්නේ. රන්ජන් හා ප්‍රසන්න කියල තියන දේ ඇත්ත. තවම 20% ත් 30%ත් අතර ප්‍රමාණයක් තමා සංචාරකයෝ එන්නේ. එකට මේ රජය කිසිම දෙයක් කරන්නේ නෑ. සංචාරක හෝටල් වල සේවකයන්ගේ වැටුප බොහොම අඩුයි. සර්විස් චාර්ජ් එකෙන් තමා ජිවත් වෙන්නේ. එක වැඩි වෙන්නේ සංචාරකයෝ ආවොත් විතරමයි.