
ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය.
කොළඹ කොටුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතාගේ සහ CT ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ අධ්‍යක්ෂිකා මියෝනි පෙරේරා මෙනවියගේ සහභාගීත්වයෙනි. ආයතන දෙක නියෝජනය කරන වෙනත් නිලධාරීහු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදනයේ ප්‍රමුඛයා වන SLT MOBITEL වෙතින් දුරකථන සන්නිවේදන සේවා, ෆයිබර් තාක්ෂණයෙන් බලගැන්වුණු අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතා මෙන්ම නවීන ටෙලිවිෂන් අත්දැකීමක් සමීප කරන PEO TV වැනි සේවා රැසක් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයට හිමි වනු ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ නගර මධ්‍යයේ පිහිටි නවීන සුහුරු ගොඩනැගිල්ලක් බවට මැජෙස්ටික් සිටි සංකීර්ණය පත්වනු ඇති අතරම, ඒ වෙත ගමන් කරන පාරිභෝගිකයන්ට ද ඩිජිටල්කරණය වූ ජීවන රටාවක අත්දැකීම් විඳගැනීමේ සුවිශේෂී අවස්ථාවක් උදාවනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.