- හේලීස් සමූහයේ අපේක්ෂාව සුපිරි වෙළෙඳ සල් ජාලය රට පුරා ක්‍රියාත්මක අලෙවිසල් 100කින් සමන්විතව ක්‍රියාත්මක කිරීමයි
- හේලීස් ඉන්ජිනියරින්ග් සමාගම සමග මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමේ එකඟතාවක්
හේලීස් සමූහයට අයත් හේලීස් රීටේල්ස් සමාගම මෙරට තුළ පිහිටුවීමට සැලසුම් කර ඇති සුපිරි වෙළෙඳ සල් ජාලයේ පළමුවැන්න කොළඹ 10, මරදාන නගරය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
එම සමූහයටම අයත් හේලීස් ඉන්ජිනියරින්ග් සමාගම මගින් ඉදිකිරීම් සිදුකරන මෙම ව්‍යාපෘතියට අදාළ එකඟතාවට පිවිසීම පසුගියදා හේලීස් ඉන්ජිනියරින්ග් සමාගමේදී සිදුව තිබේ.
එහිදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චෝලිය ද සිල්වා මහතා සහ හේලීස් සභාපති මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන් අතර මෙම එකඟතාව අත්සන් තබා ඇති අතර, හේලීස් සම සභාපති ධම්මික පෙරේරා මහතාද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
මෙම යෝජිත ව්‍යාපෘතිය හේලීස් ඉන්ජිනියරින්ග් සමාගමේ ඉන්ජිනේරුමය හැකියාව යොදා ගනිමින් ලෝහමය සැකැස්මක් ලෙස ඉදිකිරීම සැලසුම වී තිබේ.
මෙම හේලීස් සුපිරි වෙළෙඳ සල් ජාලය රට පුරා ක්‍රියාත්මක අලෙවිසැල් 100කින් සමන්විතව ක්‍රියාත්මක කිරිම අපේක්ෂාව බව පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd