- අදාළ කාලයේදී ලංකාවේ සංචාරක සංවර්ධන දර්ශකය සියයට 4.3 කින් වර්ධනය වෙලා
විමුක්ති එස්. රුද්‍රිගු
ලෝක ආර්ථික සංසදය නිකුත් කළ 2026 සංචාරක සංවර්ධන දර්ශකයට අනුව, 2024 සහ 2026 අතර කාලයේදී සංචාරක ක්ෂේත්‍රයේ වේගවත්ම සංවර්ධනයක් අත්කර ගත් රටවල් 10 අතරට ශ්‍රී ලංකාවටද පැමිණීමට හැකියාව ලැබී ඇත.
එම දර්ශකයේ දසවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති අතර, එම කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන දර්ශකය සියයට 4.3 කින් වර්ධනය වී තිබේ. සංචාරක සංවර්ධන දර්ශකය පසුගිය 25 වැනිදා ලෝක ආර්ථික සංසදය විසින් නිකුත් කරනු ලැබී. එම දර්ශකය මගින් රටවල් 110ක සංචාරක හා සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට බලපාන සාධක ඇගයීමට ලක් කර තිබේ.
ලෝක ආර්ථික සංසදය නිකුත් කළ එම දර්ශකයට අනුව පසුගිය වසර දෙකක කාලයේදී සංචාරක ක්ෂේත්‍රයේ වේගවත්ම සංවර්ධනයක් අත්කරගෙන ඇති රට වන්නේ ඇල්බේනියාවයි. එරට සංචාරක සංවර්ධන දර්ශකය සියයට හතකින් ඉහළ ගොස් ඇත. වියට්නාමය සියයට 6.3ක වර්ධනයක් ද, ලාඕසය සියයට 6.1ක වර්ධනයක් ද වාර්තා කරමින් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන තිබේ.
එහිදී කටාර් රාජ්‍යය සියයට 6ක වර්ධනයක් ද, මැලේසියාව සියයට 5.8ක වර්ධනයක් ද, තායිලන්තය සියයට 5.6ක වර්ධනයක් ද වාර්තා කර ඇත. පිලිපීනය සහ මොරොක්කෝව සියයට 5.5 බැගින් ද, නේපාලය සියයට 5.1ක ද වර්ධනයක් වාර්තා කර තිබේ.
මෙම දර්ශකය සකස් කිරීමේදී සංචාරක යටිතල පහසුකම්, ගුවන් ප්‍රවාහන සම්බන්ධතා, ස්වාභාවික හා සංස්කෘතික සම්පත්, සංචාරක සේවා, ව්‍යාපාරික පරිසරය සහ තිරසරභාවය ඇතුළු කරුණු 17ක් සැලකිල්ලට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd