IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එයාර්බස් සමාගමට යුරෝ බිලියන 1.36 ක පාඩුවක්

ඉකුත් වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් සිදුව ඇතැයි ‘එයාර්බස්’ සමාගම අද (13) නිවේදනය කළේය. 

අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස්’ සමාගමට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වසරේදී විශාල වියදමක් දැරීමත් නිසා එයාර්බස් සමාගමට එලෙස පාඩු විඳීමට සිදුව ඇතැයි වාර්තා වේ.  

‘එයාර්බස්’ සමාගම ඔවුන්ගේ ‘ඒ400එම්’ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අමතර පිරිවැයක් දැරුවේය. 

සිය සමාගමේ මෙහෙයුම් ලාභ යූරෝ බිලියන 6.9ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක්) දක්වා ඉහළ ගිය බව ද ‘එයාර්බස්’ සමාගම සඳහන් කළේය.

2019 වසරේදී වාණිජ ගුවන් යානා 863ක් බාරදුන් බවත් මේ වසරේ දී එය 880ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම ප්‍රකාශ කළේය. 

“අපි 2019 වසරේදී බොහෝ දේ අත්පත් කරගත්තා. අපි ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළා. වාණිජ ගුවන් යානා අලෙවිය ඊට ප්‍රධාන වශයෙන් හේතු වුණා” යැයි එයාර්බස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගිලාම් ෆූරි පැවසීය.

 සැක කටයුතු අයුරින් ගුවන් යානා අලෙවි කිරීම නිසා එයාර්බස් සමාගමට එරෙහිව දූෂණ චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ද පැවැත්වේ. ඒවා සමථයකට පත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ එක්සත් ජනපදයට යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟතාව පළ කර ඇත.

2018 වසරේදී වාණිජ ගුවන් යානා සඳහා ඇණවුම් 747ක් ලැබුණු බවත් පසුගිය වසරේ දී එය 768ක් දක්වා ඉහළ ගිය බවත් එයාර්බස් වැඩිදුරටත් සඳහන් කළේය.

 

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (2)

එයාර්බස් සමාගමට යුරෝ බිලියන 1.36 ක පාඩුවක්

lalithm Friday, 14 February 2020 02:15 PM

අපි හිතුවේ ජරාව කන්නෙත්, ගන්නෙත් අපේ ශ්‍රී ලංකාවේ විතරයි කියලා. බලනකොට සුද්දන්ටත් ජරාව කන්න උගන්නලානේ... අපේ ගුවන්සේවේ හිටපු ඇත්තෝ...

:       0       1

Su-J Sunday, 16 February 2020 08:25 AM

ලංකවේ අය කොහේ ගියත් කොතන හිටියත් ජල්තර දන එකේ අඩුවක් නේ. බොහොම කනගාටුයි කියන්න සමහර ලංකාව අය පිටරට ගිහිල්ලත් හොරකම තමා. අපේ ජාතියේ අඩුපාඩුවක් මේක. තමන්ගේ වැරදී හදාගන්නේ නැතුව අනුන්ගේ වැරද්දී හොයන එක.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site