IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


MyDialog app හරහා සිදුකරන රීලෝඩ් / බිල්පත් ගෙවීම් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් සුවිශේෂී 100% ක Cash Bac

 

සිය පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ ඇතිව  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පාරිභෝගිකයින් අතර තවදුරටත් ප්‍රවර්ධනය  කිරීම සදහා, MyDialog App හරහා රීලෝඩ් / බිල්පත් ගෙවීම් සිදුකරන මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සුවිශේෂී 100% ක Cash Back  වාසියක් ලබාදීමට කටයුතු කර ඇත.    
 
පාරිභෝගිකයන් සිය Dibit/ Credit කාඩ්පත් විස්තර MyDialog App එකේ save කර එය ස්වයංක්‍රිය test ගනුදෙනුවක් මගින් තහවුරු කිරීමෙන් අනතුරුව සිදුකරන පළමු රිලෝඩ්/ බිල්පත් ගෙවීම් වටිනාකමට මෙම සුවිශේෂී 100% ක Cash Back වාසිය ලබාගත හැක. මේ යටතේ පාරිභෝගිකයන්ට 2020 ජූනි 14 තෙක් රු. 1000 ක උපරිමයක් දක්වා මෙම වාසිය හිමිකර ගත හැක. මෙය ලබාගැනීමට ඕනෑම Mobile, DTV හෝ  LTE සම්බන්ධතාවයක් වෙනුවෙන්  මුදල් ගෙවීමක් හෝ රීලෝඩ් කිරීමක් සිදුකළ හැකි අතර,  ගෙවීම / රීලෝඩ් කිරීම සදහා කිසිඳු අවම ගාස්තුවක් නියම කර නැත. MyDialog App හි save වී ඇති පාරිභෝගිකයාගේ Primary අංකයට මෙම වාසිය ලබා දෙන අතර , පෙරගෙවුම් මොබයිල් පාරිභෝගිකයන්ට මෙම Cash Back වාසිය මොබයිල් එකට ලැබෙන අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ට  මෙම Cash Back  වාසිය, ඊළඟ මාසයේ බිල්පතට බැර කරනු ඇත. පාරිභෝගිකයින්ට MyDialog App එක මගින් ඔවුන් කැමති ඕනෑම Internet කාඩ්පත්, 4G Video  Balster / Triple Blaster වැනි විශේෂ පැකේජයන් වලට අදාල මුදල රිලෝඩ් කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර එවිට ඊට සමාන අගයක් 100% CashBack වාසිය මෙන් පාරිභෝගිකයාගේ මොබයිල් එකට ලැබේ. මෙම සුවිශේෂී 100% CashBack වාසිය COVID -19 හේතුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඉතා ආරක්ෂාකාරීව මෙන්ම ඉතා පහසුවෙන් නිවසේ සිට රිලෝඩ්/ බිල්පත් ගෙවීම් දිරිමත් කිරීම සදහා හඳුන්වාදී ඇත.

මීට අමතරව ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන  මෙම කාලසීමාව තුළදී  දිවයින පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට අඛණ්ඩව සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙන්ම ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහායවීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සියලුම මොබයිල් පාරිභෝගිකයන්ට Anytime ඩේටා GB 1 ක් ,D2D ඇමතුම් සඳහා මිනිත්තු 250 ක් සහ  D2D SMS 250 ක් ඇතුළත් දින 7 ක විශේෂ සහන පැකේජයක් ලබාදීමට පියවර ගන්නා ලදී.  මෙම 100% CashBack වාසිය ඩයලොග් විසින් Covid -19 හා සම්බන්ධව දැනටමත් හඳුන්වාදී ඇති e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care, සහ e -Work solutions (www.dialog.lk/home  ඔස්සේ පිවිසිය හැක) යන සේවාවලට අමතරව පාරිභෝගිකයන්ට සුරක්ෂිතව සිටිමින් නොකඩවා සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහායවීමේ අරමුණින් හදුන්වා දෙන ලදී.



අදහස් (1)

MyDialog app හරහා සිදුකරන රීලෝඩ් / බිල්පත් ගෙවීම් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් සුවිශේෂී 100% ක Cash Bac

Sithum Friday, 19 January 2024 12:31 PM

0769498196

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site