IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

(ඉහළ ඡායාරූපය): ඩයලොග් ආසිආටා විසින් සංවර්ධනය කරන ලද පූර්ණ ක්‍රියාකාරී ICU සංකීර්ණයෙ විවෘත කිරීමේ උත්සවයේදී එහි සමරු ඵලකය විවෘත කරමින්.

වමේ සිට දකුණට: සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස් එච් මුණසිංහ, ගරු අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න (අර්ධ වශයෙන් ආවරණය වී ඇත), සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිරච්චි, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ආසිආටා සමූහ බර්හාඩ් හි ප්‍රධාන විධායක - විදුලි සංදේශ ව්යාපාර සහ ආයතනික විධායක උප සභාපති, ආචාර්ය හාන්ස් විජයසූරිය.

(පහළ ඡායාරූපය): ඩයලොග් ආසිආටා විසින් සංවර්ධනය කරන ලද පූර්ණ ක්‍රියාකාරී ICU සංකීර්ණයෙ හි ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි කරමින්.

වමේ සිට දකුණට: සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු. පවිත්‍රා වන්නිරච්චි, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ගරු අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්.


 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී ප්‍රතිසංස්කරණ කටයුතු නිම කොට අවශ්‍ය සියලු උපකරණ සපයමින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට සමත් විය. කඩිනමින් දැඩි සත්කාර ඒකක  අවශ්‍ය රෝහල් සංවර්ධනය සඳහා Dialog සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙ‌ලෙ හි සමාරම්භය ලෙසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කරන ලදී.
 
ඩයලොග් ආසිආටා හි  මූල්‍ය දායකත්වයෙන් සිදුවන දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයකින් (MICU) සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් (SICU) සමන්විත අංගසම්පූර්ණ දැඩි සත්කාර සංකීර්ණයක් ස්ථාපනය කෙරුණු අතර, එම වාට්ටු සංකීර්ණය ඇඳන් 10 කින්  සමන්විත නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර උපකරණ වලින් පරිපූර්ණ කිරීමට ද පියවර ගන්නා ලදි. ඩයලොග් ආසිආටා සමාගම විසින් රෝහලේ දැඩි සත්කාර පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම තුළින් රෝහලට ඇතුළත් කරන අසාධ්‍ය තත්වයේ රෝගීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමේ අවස්ථා දිගු කාලීනව ඉහළ නැංවීම මෙන්ම බරපතල තත්වයෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත් සහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කරන්නටත් මහෝපකාරී වනු ඇත.
 
 මෙම සත්කාරය පිළිබඳව සෞඛ්‍ය  හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු  පවිත්‍රා වන්නිආරච්චි මෙසේ පැවසුවාය. “සෑම අතින්ම සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයක් මීගමුව මහ රෝහලට ලබා දීමට ඩයලොග් ආයතනය කටයුතු කිරීම පිළිබදව රජයක් ලෙසට අපි ස්තුති වන්ත වෙනවා. Covid -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම ඩෙංගු රෝගීන් බේරා ගැනීමේ  ප්‍රධාන රෝහලක් ලෙස අප අමාත්‍යාංශය විසින් නම්කර තිබෙන මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය දින 30 කටත් වඩා කෙටි කාලයක් තුල නිම කිරීම ඉතිහාස ගත වෙනවා. එම නිසා අවැසි අවස්ථාවක අවශ්‍යම රෝහලට සිදු  කළ මෙහෙවර වෙනුවෙන් ඊට සම්බන්ධ  වූ සියලු දෙනාටම අපේ ස්තූතියත් ගෞරවයත් පුද කරනවා.” යනුවෙන් පැවසුවාය.
 
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ පැවසුවේ “යම් අයකු සතු පරම ලාභය වන්නේ නිරෝගී බවයි. අන් අයගේ නීරෝගී බව වෙනුවෙන් තම ආයතනය ඉපැයූ ධනය යොදවා සතුටු වූ පිරිසක් ලෙස මොවුන් නම් කළ හැකියි. ඩයලොග් ආයතනය කාලෝචිත අවස්ථාවක මෙම රෝහලට අවශ්‍ය වූ දැඩි සත්කාර ඒකකය ලබා දීමෙන් සියලු ආයතනයන්ට පූර්වාදර්ශයක් ලබා දී ඇතැයි මම සිතනවා” පැවසීය 
 
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප‍්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පවසා සිටියේ, සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ උත්තරීතර දායකත්වයට සහාය දැක්වීම සඳහා මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහල් දැඩි සත්කාර ඒකකයේ සංවර්ධන කටයුතු මාසයකටත් වඩා අඩු කාලයක් තුළ නිම කිරීමට ලැබීම ගැන සතුටු වන බවත්, රටේ දැඩි සත්කාර පහසුකම් සහ සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වැඩි අවශ්‍යතාවයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබා දීමේ ප්‍රතිඥාවේ පළමු අදියර ලෙස මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය අද දින විවෘත කිරීමට කටයුතු කල බවයි.  එසේම කොවිඩ්-19 රෝගීන්ට අමතරව, දැඩි සත්කාර සේවා අවශ්‍ය අනෙකුත් සියලුම රෝගීන්ට දිගු කාලීන අඛණ්ඩ සේවාවක් මින් සපයනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
 
මීට අමතරව, ඩයලොග් ආසිආටා හි සෞඛ්‍ය සේවා නංවාලීම සඳහා වූ මූල්‍ය දායකත්වයෙහි දෙවන අදියර ලෙස හෝම‍ාගම මූලික රෝහලේ පූර්ණ ක‍්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතය. ඩයලොග් සමාගමේ මෙම ප‍්‍රයත්නයන් හරහා වැඩි රෝගීන් සංඛ්‍යාවකගේ ජීවිත අපේක්ෂාව වර්ධනය කිරීම උදෙසා දැඩි සත්කාර සේවා සවිබල ගන්වමින් රටේ සෞඛ්‍ය සේවා පද්ධති පුළුල් කිරීම සිදු කරනු ඇත.

 

 

 



අදහස් (0)

Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1142 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1149 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site