IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටි ප්‍රමුඛතම වාණිජ නගරයක් ලෙස කැපී පෙනෙන වාලච්චේන නගරය කේන්ද්‍ර කරගනිමින් විවෘත කෙරිණ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජිව් ද සිල්වා ඇතුළු සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්ව හා කාර්යමණ්ඩල සාමාජිකයන්, වාලච්චේන ප්‍රාදේශීය ලේකම් රෝෂි ර්‍ණ විග්නේශ්වරන්, වාලච්චේන සහකාර පොලිස් අධිකාරී ඒ. එල්. එම්. ජමීල්, වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති එස්. එම්. ආර්. බණ්ඩාර, වාලච්චේන ග්‍රාම නිලධාරී කේ. සුභාෂ්, වාලච්චේන සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකරු ඒ. එන්. ඩේවිඩ් නිදර්ශන් යන මහත්ම මහත්මීන් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන නියෝජිතයන් රැසක් සහභාගී වූහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනයෙන් 65% පමණ වන ශ්‍රම බලකාය අතරින් බහුතරයක් වූ වාලච්චේන ප්‍රදේශවාසීන් සාම්ප්‍රදායික කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ අර්ධ කාලීන වෙළෙඳාම් කටයුතුවලත් නියැලී සිටිති. වාලච්චේන කලපුව හා ධීවර වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ධීවර කර්මාන්තය වාලච්චේන වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව තිබේ. කෘෂිකර්මාන්තය හා ඇඟළුම් නිෂ්පාදනය ද ඇතුළුව එකිනෙකට වෙනස් ව්‍යවසාය හා ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක යෙදී සිටින වාලච්චේන ප්‍රදේශවාසීන්ට කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා සැපයීම සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් ස්ථාපිත කරන ලද වාලච්චේන ශාඛාවේ ප්‍රධාන අරමුණ වේ.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ලෙස වාලච්චේන ශාඛාව විවෘත කළ අවස්ථාවේදී සිය අදහස් දක්වමින්  “සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයට 50 වැනි ශාඛාව එකතු කළ අද දවස අපගේ මූල්‍ය සේවා මෙහෙවරේ කැපීපෙනෙන සංධිස්ථානයක්. වාලච්චේන නගරය කේන්ද්‍ර කරගනිමින් එකිනෙකට වෙනස් ව්‍යවසායක හා ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන දිරිය මිනිසුන්ට අත්වැලක් වී ඔවුනගේ වෙනස් වූත් සුවිශේෂී වූත් මූල්‍ය අවශ්‍යතා සඳහා කඩිනම් නම්‍යශීලී මූල්‍ය සේවා රැසක් හඳුන්වාදීම තමයි අපගේ මෙම ශාඛාවේ ප්‍රධාන අරමුණ. දීප ව්‍යාප්ත සියපත ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයට අලුතෙන්ම එකතු වූ වාලච්චේන ශාඛාව සමග දේශීය ව්‍යවසායක හා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්කොට ආර්ථිකමය සාර්ථකත්වය කරා රැගෙන යාම අපගේ අපේක්ෂාවයි.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී ප්‍රධාන කාර්යාලයෙන් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක්‍රීය ණය, ස්ථාවර තැන්පතු, Smart Pay ස්වයංක්‍රීය බිල්පත් ගෙවීමේ පහසුකම ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් වාලච්චේන ශාඛාවේ පළපුරුදු වෘත්තීයවේදී කාර්යමණ්ඩලය වෙතින් ද ලබාගත හැකිය.


තිරසර හෙට දවසක් උදෙසා දීප ව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී 10, 000 කට අධික ශාඛ ප්‍රමාණයක් මෙරටට දායාද කිරීමෙහිලා දියත් කළ “සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ වාලච්චේන නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, පුදුකුඩියිරුප්පු වානි විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් වාලච්චේන නගරය ආශ්‍රිත පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය උදෙසා රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී. තවද පුදුකුඩියිරුප්පු වානි විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා තාක්ෂණික උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද එහිදී සිදුකෙරිණ.

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී 2005 වසරේ අරඹා ගතවූ වසර 19 ක කාලය ඇතුලත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීමෙහිලා කීර්තියක් අත්කරගන්නට සමත්ව සිටියි. සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග විශ්වාසනීය හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂි ව්‍යවසායකයන්, ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් සහ කාන්තා ව්‍යවසායිකාවන් යනාදී වශයෙන් දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත.

065 7605635 දුරකතන අංකයෙන් හෝ වාලච්චේන, කෙලින් වීදියේ පිහිටි සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව වෙත පිවිස හෝ  www.siyapatha.lk  වෙත පිවිස සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් විය හැකිය.



අදහස් (0)

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1104 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site