IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍රික්කවල විපතට පත් පවුල් 1100කට වියළි සලාක මල්ලක් බෙදා දීමට කටයුතු කරන ලදී. 2024 ජූලි 9 සහ 10 යන දිනවල සිදු කරන ලද මෙම වැඩසටහන ,මෙරට ජනතාව සමග සිටිමින් ව්‍යවසනයන්හී දී ප‍්‍රජාවන්ට සහය වීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නොසැලෙන කැපවීම අවධාරනය කරයි.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආගමික ආයතන වල සහභාගීත්වයෙන් අවශ්‍යම පුද්ගලයන් වෙත මෙම වියලි සලාක ඇසුරුම් බෙදාදීමට කටයුතු කෙරුණි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ප‍්‍රජාවගේ අභිවෘද්ධිය ඉලක්ක කරගත් ව්‍යාපෘතිවල නිරතුරුවම නිරත වන අතර, මෙම ප‍්‍රජා සත්කාරය ඔවුන්ගේ සමාජ වගකීම් සඳහා වූ කැපවීම විදහා දක්වයි.

 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූ‍ත්ගම මහතා පවසා සිටියේ, ”‍අපගේ ආයතනික සමාජ වගකීම් (CSR) මෙහෙවර ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වේ, එනම්; දරුවන්, සංස්කෘතිය සහ ප‍්‍රජාවයි. ප‍්‍රජාව යන කරුණ මත පදනම් කරගෙන මෙහෙයවන ලද මෙම ව්‍යාපෘතිය මගින් ඉස්මතු කරන්නේ, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් නඟා සිටුවීමට සහ සහාය දැක්වීමට අපගේ ඇති කැපවීමයි. ජාතියේ රක්‍ෂකයා ලෙස හා විශ්වාසනීය සහකරුවෙකු ලෙස අපගේ කාර්යභාරය යලි තහවුරු කරමින්, අපගේ ප‍්‍රජාවන්ට අවශ්‍ය වේලාවේදී අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමු.”‍

 

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අපගේ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමට සහ සවිබල ගැන්වීමට වූ පොරොන්දුව ශක්තිමත් කරමින් ඒ සඳහා කාලෝචිත සහ ඵලදායී සහය සැපයීමේ මෙහෙවරෙහි නොසැලී සිටියි.



අදහස් (0)

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site