IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කරන්නට නම්, තත්ත්වයෙන් ඉහළ බැටරියක් එහි තිබීම අනිවාර්ය වෙයි. කෙසේ වෙතත් ලංකාවේ වාහන බැටරි පිළිබඳව එතරම් ගැඹුරු සාකච්ඡුාවක් සිදුව නැත. ඊට හේතුව අනෙකක් නොව සියවසකට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ වාහන සඳහා යොදාගන්නා ඊයම් අම්ල (Lead-Acid) බැටරි කිසිඳු කරදරයකින් තොරව ආරක්ෂාකාරී බැටරි විශේෂයක් ලෙස ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගෙන සිටීමයි . එහෙත් මෑතක සිට ශ‍්‍රී ලංකාව තුළ ඊයම් අම්ල බැටරි භාවිතයෙන් ඉවත්කර ඒ වෙනුවට ලිතියම් බැටරි (Lithium Batteries) හඳුන්වාදීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. 

අන් සෑම ක්ෂේත‍්‍රයකම මෙන්ම වාහන ක්ෂේත‍්‍රයේ ද නවතම හඳුන්වාදීම් සිදුවිය යුතුය. එහෙත් එලෙස හඳුන්වාදිය යුත්තේ පවතින තත්ත්වයන්ට වඩා ඉහළ ගුණාංගයන් සහිත ආර්ථික වශයෙන් ලාබදායි දේවල්ය. එහි අරමුණ විය යුත්තේ පාරිභෝගිකයන්ට වාසියක් මෙන්ම අමතර ආරක්ෂාවක්ද සහතික කිරීමයි. ඊට අමතරව එවැන්නක් සිදුවිය යුත්තේ විධිමත් තාක්ෂණ ඇගයීමකින් පසුවය. එහෙත් ඊයම් අම්ල බැටරි වෙළෙඳපොළෙන් ඉවත්කර ඒ වෙනුවට ලිතියම් බැටරි ආදේශ කිරීමේ උත්සාහය පිටුපස ඇත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂාවන්ය. එකී ක‍්‍රියාව මගින් මෙරට වාහන භාවිත කරන්නන්ට වැය කරනා මුදලට සාපේක්ෂව ලැබෙනා විශේෂ වරප‍්‍රසාදයක්ද නැත. 

ඊයම් අම්ල බැටරිය වාහනයකට යොදා එහි ඩයිනමෝව හෝ ඔල්ටර්නේටරය මගින් ආරෝපණය කිරීමට මෙන්ම ගෘහස්ත ආරෝපකයක් මගින් පහසුවෙන් ප‍්‍රති-ආරෝපණය කළ හැක. ඊට නඩත්තුවක් අවශ්‍ය මුත් එය ඉතා සරල කටයුත්තකි . ආරක්ෂාව ඉහළය. ඊයම් අම්ල බැටරිය ලාංකිකයන්ගේ ජීවිතයට සමීප වනුයේ වාහන සඳහා යොදාගන්නා බැටරියක් ලෙස පමණක්ම නොවේ. කලකට පෙර නිවාසවල රූපවාහිනිය නැරඹුවේත්, විදුලි වර්ධක යොදාගෙන විදුලි පහන් දැල්වූවේත් මේ ඊයම් අම්ල බැටරි යොදගෙනය. ඊට අමතරව අදටද ඉන්වර්ට සඳහා සුඛෝපභෝගී නිවාසවල පවා යොදාගන්නේ ඊයම් අම්ල බැටරිය. තවද සූර්ය පැනල මගින් විදුලිය ජනනය කිරීමේදී ද භාවිත කරනුයේ එම බැටරිමය. 

ලිතියම් බැටරි කාණ්ඩයට අයත් අප සුලභව භාවිත කරන බැටරි විශේෂය වනුයේ ලිතියම් අයන් බැටරිය. ඔබ අතේ නොවරදින සුහුරු ජංගම දුරකථනයේද ඇත්තේ එම වර්ගයේ බැටරියකි. එම බැටරි පුපුරා යාම සුලභව වාර්තා වන අතර මෑත කාලයේ ශ‍්‍රී ලංකාවේද එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා විය. ගිනිගෙන පුපුරා යාම ලිතියම් අයන් කාණ්ඩයට පමණක් නොව  ඕනෑම ලිතියම් බැටරියක් සඳහා පොදු සාධකයකි.  ලිතියම් බැටරි පිපිරීමේ මහා ඛේදවාචකය පසුගිය ජුනි මාසයේ වාර්තා වූයේ ලෝකයේ ලිතියම් බැටරි මහා පරිමාණයෙන් නිපදවන දකුණු කොරියාවේ කම්හලකය. එම ගින්නෙන් 22 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.. 

අධික තාපයට නිරාවරණය වීම සහ අධි-ආරෝපණ තත්ත්වයන් මෙම ලිතියම් බැටරි ගිනි ගැනීමට සහ පිපිරීමට මූලික හේතුවය. එහෙත් ඊයම් අම්ල බැටරිවල එකී අවදානම වාර්තා නොවනා තරමට දුලභය. ලිතියම් නැවත මාරු කිරීමේදී අධික පිරිවැයක් දැරිය යුතු වේ. ඊයම් ඇසිඞ් බැටරි දෝෂ සහිත වූ විට අළුත්වැඩියා (ෂෙල් ගැසීම, කණු පිරවීම වැනි* කළ හැක. එබැවින් වසර හයක් පමණ වන ආයු කාලයෙන් පසු ඇවැසිනම් අළුත්වැඩියා කළ හැක. අළුත් බැටරියක් මිලට ගැනීමේදී පැරණි එකට මිල අඩු කිරීමක් සිදුකරයි. 

එහෙත් ලිතියම් බැටරි යනු මුළුමණින්ම ආනයනය කළ යුතු දෙයකි. පිරිවැය ඉහළය. ඒ සඳහා වැය වන්නේ ශ‍්‍රී ලංකාව සතු ඩොලර්ය. අළුත්වැඩියා කළ නොහැක. පිපිරීම්, ගිනි ගැනීම් බහුල නිසා ආරක්ෂාවක් නැත. 

ඒ අනුව අඩු වියදම්, නඩත්තු කර නැවත භාවිත කළ හැකි ඊයම් අම්ල බැටරි වෙනුවට මිල අධික, නඩත්තු කර නැවත භාවිත කළ නොහැකි ලිතියම් බැටරි හඳුන්වාදීමට පෙර බැටරි මගින් වන පාරිසරික හානි අවම කිරීමට කරගත යුතු දේ බොහෝ බව අපි අවධාරණය කරන්නෙමු. 

ජීවක ජයසිංහ.



අදහස් (0)

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site