වඳවීයාමේ දැඩි තර්ජනයට මුහුණ දී සිටින සතුන් විකිණීම සඳහා ෆේස්බුක් සමාජ ජාලය වෙළඳපොලක් ලෙස යොදාගැනීම සම්බන්ධව සරිසරවේදීන් සිය කනස්සල්ල පල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. 

ආරක්ෂිත සතුන් වර්ග සියයකට අධික ප්‍රමාණයක්  විකිණීමට දැන්වීම් පල කර තිබෙන බව මෙම මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි. මැලේසියාවේ ෆේස්බුක් සමාජ කණ්ඩායම් හරහා මෙය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවත් වලස් පවුලට අයත් දුර්ලභ විශේෂ සහ ගිබන් වඳුරන් මෙසේ විකිණීමට ඇති බවත් ඔවුන් පවසයි. 

ෆේස්බුක් සමාජ ජාලය පවසා ඇත්තේ එවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවේ නම් එය නැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවයි.