(රොයිටර් ඇසුරෙනි-042)

සමාජ ජාලා හරහා රාජ්‍ය විරෝධි තොරතුරු පැතිරවීම නවතනතුරු යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කර ඇත.

රජයට හානි වන එම තොරතුරු අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස යූටියුබ් අයත් ගූගල් සමාගමට සහ සෙසු තාක්ෂණ ආයතනවලට බලකිරීම සඳහා වියට්නාම් කොමියුනිස්ට් රජය එරට වෙළෙඳ දැන්වීම්කරුවන්ට බල කර ඇතැයි ද වාර්තා වේ.

“රජයට විරුද්ධව තම මුදල් භාවිත නොකරන ලෙස අද අපි වෙළෙඳ දැන්වීම් ආයතනවලට දැනුම් දුන්නා“යැයි වියට්නාමයේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ට්‍රවොන් මින් ටුවාන් මහතා කියා සිටී.

 “වියට්නාම නීති උල්ලංගනය කරමින් රජයට විරුද්ධව ගෙන යන අසත්‍ය ප්‍රචාර ඉවත්කරන ලෙසට ගූගල් හා ෆේස්බුක් ආයතනවලට එරෙහිව හඬ නගන්නැයි අන්තර්ජාලය භාවිතා කරන්නන්හට අපි දැනුම්දෙනවා“ යැයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.