IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ෆේස්බුක්, ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා නීති පැනවීම පිළිබඳ සාකච්ඡාවක් ජපාන අමාත්‍යවරුන් පිරිසක් හා විශේෂඥයින් කණ්ඩායමක් අතර මෙම සතියේ පැවැත්වීමට නියමිතය.

ඔන්ලයින් ක්‍රමයට සිදුවන ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකිරීම සහ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම එහි මූලික අරමුණයි.

ඩිජිටල් වෙළෙඳපොළේ ඒකාධිකාරිය ලබාදෙන දත්ත ෆේස්බුක්, ගූගල්, ඇමේසන් හා ඇපල් වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් විසින්  මහා පරිමාණයෙන් රැස්කිරීම මෙම පියවර ගැනීමට හේතු වී ඇත.

ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන්නන්ගේ දත්ත එවැනි සමාගම් විසින් භාවිත කිරීම වැළැක්වීම සඳහා නීති මේ ඔස්සේ සකස් කිරීමට අපේක්ෂා කෙරේ.

විශේෂඥයින් හා අමාත්‍යවරුන් අතර සාකච්ඡාවලදී ඉදිරිපත් වන යෝජනා අනුව අවශ්‍ය පනත් සකස් කිරීම සම්බන්ධයෙන් සළකා බලන බව ජපාන රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 

-226-

(එන්.එච්.කේ ඇසුරෙනි)



අදහස් (1)

ෆේස්බුක්, ගූගල් හා ඇපල් වැනි සමාගම්වලට එරෙහිව ජපානයෙන් නීති

රවින් Thursday, 03 October 2019 01:05 AM

ඔන්න බලවතුන් තම අභිමතයන් සපුරාගන්නා ක්‍රමවේදය. ඉහත සඳහන් සමාගම් සියල්ල ස්ථාපිත කර ඇත්තේ කොහෙද? අපි බොහොම අහිංසක යයි ලෙස සිතා භාවිතා කරන මෘදුකාංග අපිටම පහර දෙන්න අර අඳින හැටි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site