නිව්යෝක් ඇතුඵ අමෙරිකාවේ ප්‍රාන්ත 40 කට අධික සංඛ්‍යාවක් ෆේස්බුක් ආයතනයට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට සැලසුම් කර ඇත.

ඒ සාධාරණ නොවන අන්දමින් ව්‍යාපාරික තරඟකාරිත්වය පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.

මෙය දැවැන්ත තාක්ෂණික සමාගමකට එරෙහිව මෙම වසරේ අමෙරිකාවේ පැවරෙන දෙවැනි නඩුව වේ.

එමට අධිකරණ දෙපාර්තමේන්තුව ඇල්ෆබට් ආයතනයේ ගූගල් උපආයතනයට එරෙහිව ඉකුත් ඔක්තෝබර් මාසයේ නඩුවක් ගොනු කළේය.

කෙසේ වුවත් ෆේස්බුක් ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පවසන්නේ දැවැන්ත තාක්ෂණික සමාගම් ඇතුළු තරඟකරුවන් රැසක් තම ආයතනයට සිටින බවයි.

වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාල අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ එම ජාල වඩාත් ව්‍යාප්ත වීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍යය සහාය වී ඇති බවයි.

-226-
(රොයිටර් ඇසුරෙනි)