ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෙබ්‍රින්ග් නගරයේ බැංකුවක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගිනි අවියක් රැගෙන ආයතනයට ඇතුළු වූ පුද්ගලයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
නිලධාරීන් විසින් මෙම පුද්ගලයා යටත් කරගෙන පොලිසියට බාරදී ඇත. මොහු 21 හැවිරිදි සෙෆාන් සේවියර් ලෙස හඳුනාගෙන ඇති නමුත් වෙඩි තැබීමට හේතුව පැහැදිලි නැතැයි පොලිසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ බැංකුවේ සිටියේ ගනුදෙනුකරුවන් පස්දෙනකු පමණක් බවද ඔවුන් පස්දෙනාම ඝාතනයට ලක්වී ඇති බවද පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd