
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වෙඩි තැබීම සිදුවූයේ නගරයේ අයෝවා ඇවනිව් මාර්ගයේ ස්ථානයකටය.
නිල් පැහැති මෝටර් රියකින් පැමිණි පිරිසක් දිගට හරහට වෙඩි තබා පලා ගිය බව පොලිසිය පවසයි.
වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ සියලු දෙනා අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd