අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ සිදුකරන විරෝධතා අතරතුර පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුමක් හට ගෙන අැති අතර එහිදි විරෝධතාකරුවන් 20කට ආසන්න පිරිසක් හා පොලිස් නිළධාරින් 14 දෙනෙකු තුවාල ලබා ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කර සිටී.
එංගලන්තයේ ලන්ඩන් නුවර අැමෙරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදි ගැටුම හට ගෙන ඇති බව ඒම පුවත්පත් වාර්තා වල වැඩිදුරටත් සදහන් වේ.
විරෝධතාකරුවෙකු විසින් සිදුකළ ගල් ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමත් සමඟ ගැටුම්කාරිතත්වයක් හටගෙන තිබේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මුල්කරගනිමින් එංගලන්තයේ ලන්ඩන්, මැන්චෙස්ටර්, කාඩිෆ්, ලීස්ටර් සහ ෂෙෆීල්ඩ්යන නගරවලට දහස් ගණනක පුද්ගලයන් එක්ව විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර අැත.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd