IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆයිසර් කොරෝනා එන්නතට එක්සත් රාජධානියේ අවසර

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව අත්හදා බලමින් සංවර්ධනය කළ එන්නතට එක්සත් රාජධානියේ අනුමැතිය හිමි ව තිබේ.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් එක්ව සොයාගත් ‘කොවිඩ්-19’ එන්නත ලබන සතියේ සිට එක්සත් රාජධානිය තුළ බෙදාහරිනු ඇත.

ඒ බව තහවුරු කරමින් ලබන සතියේ බ්‍රිතාන්‍ය ජනතාවට ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් දෙකේ නව කොරෝනා එන්නත ලැබෙන බව එරට සෞඛ්‍ය සහ සමාජ සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

එක්සත් රාජධානියේ ඖෂධ හා සුවා නිෂ්පාදන නියාමන ආයතනය ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ට අනුමැතිය ලබා දී තිබෙන අතර එය නිර්දේශ කර තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ රජය එම නිර්දේශය පිළිගනිමින් රටතුළ එන්නත භාවිත කිරීමට අවසරය ලබා දී තිබේ.

මේ අනුව ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් දෙක එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතට අවසර ලබාදුන් පළමු රට වන්නේ එක්සත් රාජධානියයි.

ඒ.එෆ්.පී./රොයිටර් 

055



අදහස් (0)

ෆයිසර් කොරෝනා එන්නතට එක්සත් රාජධානියේ අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site