‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය එක්ව අත්හදා බලමින් සංවර්ධනය කළ එන්නතට එක්සත් රාජධානියේ අනුමැතිය හිමි ව තිබේ.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් එක්ව සොයාගත් ‘කොවිඩ්-19’ එන්නත ලබන සතියේ සිට එක්සත් රාජධානිය තුළ බෙදාහරිනු ඇත.
ඒ බව තහවුරු කරමින් ලබන සතියේ බ්‍රිතාන්‍ය ජනතාවට ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් දෙකේ නව කොරෝනා එන්නත ලැබෙන බව එරට සෞඛ්‍ය සහ සමාජ සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
එක්සත් රාජධානියේ ඖෂධ හා සුවා නිෂ්පාදන නියාමන ආයතනය ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ට අනුමැතිය ලබා දී තිබෙන අතර එය නිර්දේශ කර තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ රජය එම නිර්දේශය පිළිගනිමින් රටතුළ එන්නත භාවිත කිරීමට අවසරය ලබා දී තිබේ.
මේ අනුව ෆයිසර් සහ බයෝඇන්ටෙක් සමාගම් දෙක එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතට අවසර ලබාදුන් පළමු රට වන්නේ එක්සත් රාජධානියයි.
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd