
කොවිඩ් - 19 ට එරෙහිව ෆයිසර් බයෝන්ටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයෝවෘද්ධ රෝගීන් 23දෙනකු මියයෑම සම්බන්දව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නොර්වේ රජය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.
නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්ටයිනර් මැඩ්සන් ඒ සම්බන්දව අදහස් දක්වමින් පවසා ඇත්තේ, "එය අහඹු සිදුවීමක් වියහැකි නමුත් අපට විශ්වාස නැත," යනුවෙනි.
මෙම මරණ සහ එන්නත අතර නිශ්චිත සම්බන්දයක් නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.
බයෝන්ටෙක් ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙක නෝර්වේ හි මේ වනවිට භාවිතා වෙයි. පසුගිය සති කිහිපය තුළ එන්නත් මාත්‍රා 20,000කට වඩා නොර්වේහි ලබාදී ඇත.
බයෝන්ටෙක් ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසු සිදුවූ මරණ 13ක් සම්බන්දව ඖෂධ ඒජන්සිය විමර්ශනය කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ උණ, ඕක්කාරය සහ පාචනය වැනි පොදු අහිතකර ප්‍රතික්‍රියා ද සමහර දුර්වල රෝගින්ට මරණීය තත්ත්වයක් ද ඇතිවී තිබෙන බවයි.
කෙසේවුවද එන්නත්කරණ ක්‍රියාවලිය දිගටම කරගෙන යන අතර දුර්වල සහ වෙනත් නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට එන්නත ලබාදීමේදී ඇගයීමක් සිදුකරන ලෙසද සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ.
ෆයිසර් බයෝන්ටෙක් පරිපාලනය පවසා ඇත්තේ මරණ සම්බන්ද සියලුම තොරතුරු එක්රැස් කරමින් පවතින බවයි. වාර්තාවූ සියලුම මරණ දැඩි ඇගයීමකට ලක්කරන බවත් ඔවුහු පවසා තිබේ.
නෝර්වේ හි රැකවරණ නිවාස වල සතියකට මරණ 400ක් පමණ සිදුවන බව ද ඔවුහු පෙන්වා දී තිබේ.
නෝර්වේ හි මේ වනවිට කොරෝනා රෝගීන් 58,445ක් වාර්තා වී ඇති අතර මරණ 517ක් සිදුවී තිබේ.
ජර්මනියේ ද එන්නත ලබාගැනීමෙන් පසු සිදුවූ මරණ 10ක් සම්බන්දව විමර්ෂණය කරමින් පවතින බව වාර්තා වේ.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිණි)
085
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසු මිය ගිය පිරිස ගැන පරීක්ෂණයක්