IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ෆින්ලන්තයට-ස්වීඩනයට විශේෂ ආරක්ෂාවක්

මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටිනු ඇත.

නව ආරක්ෂක සහයෝගීතාවට ෆින්ලන්තය සහ ස්වීඩනය එක් කර ගනිමින්, ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සංචාරය කළේය.

ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට, ස්වීඩනය සහ ෆින්ලන්තය හවුල් කර ගැනීමට මහා බ්‍රිතාන්‍යය පියවරගෙන ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, රුසියාවේ ක්‍රියා කලාපය සෙසු යුරෝපා රටවලට තර්ජනයක් වීමත් සමඟය.

මහා බ්‍රිතාන්‍යය මැදිහත් වී ෆින්ලන්තය සහ ස්වීඩනය නව ආරක්ෂක ගිවිසුමකට හවුල් කර ගැනීම ඉතා වැදගත් යැයි ස්වීඩන අග්‍රාමාත්‍ය මැග්දෙලේනා ඇන්ඩර්සන් පෙන්වා දුන්නාය. ස්වීඩන අග්‍රාමාත්‍යවරිය මෙසේ පෙන්වා දුන්නේ, අග්‍රාමාත්‍ය ජොන්සන් සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය.

ස්වීඩන අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්, ෆින්ලන්ත ජනාධිපති සවුලි නිනිස්ට හමුවී ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබුවේය. ඒ, ෆින්ලන්තයේ හෙල්සින්කී නුවරදීය.

නව ආරක්ෂක ගිවිසුම මහා බ්‍රිතාන්‍යය සහ ෆින්ලන්තය අතරේ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගැනීමට හේතුවක් වනු ඇති බව ෆින්ලන්ත ජනාධිපති සවුලි නිනිස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. එම මාධ්‍ය හමුවට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් එක් වී සිටියේය.

නව ආරක්ෂක සහයෝගීතාව යටතේ මහා බ්‍රිතාන්‍යය ස්වීඩනයට හෝ ෆිනල්නතයට හෝ හමුදා යැවීමට කටයුතු කරනවාදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

එම අවස්ථාවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කළේ එවැන්නක් සිදුනොවන බවත්, අවශ්‍යතාව අනුව ස්වීඩනය හෝ ෆින්ලන්තය හෝ බ්‍රිතාන්‍ය හමුදා ගෙන්වා ගන්නවාද නැද්ද යන්න තීරණය කරනු ඇති බවත්, එය ඔවුන්ගේ තීරණයක් පමණක් බවත්ය.

(රොයිටර්)



අදහස් (0)

ෆින්ලන්තයට-ස්වීඩනයට විශේෂ ආරක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 652 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site