
රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව ෆින්ලන්තයට අනතුරු අගවා තිබේ.
ෆින්ලන්තය යනු රුසියාවේ අසල්වැසියෙකි. ෆින්ලන්තය, ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගතහොත්, ඊට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව රුසියාව පැහැදිලි කර තිබේ.
ගෙවීමට ඇති හිඟ මුදල් හේතුවෙන් ෆින්ලන්තයට ලබා දෙන විදුලි සැපයුම මැයි 14 වෙනි දින විසන්ධි කරන බව රුසියානු බලශක්ති සමාගමක් වන ඉන්ටර් රාඕ ප්‍රකාශ කළේය.
ඉන්ටර් රාඕ අනුබද්ධිත ආයතනයක් වන රාඕ නෝර්ඩික් සමාගම හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බව ඉන්ටර් රාඕ සමාගම ප්‍රකාශ කළේය.මෙසේ විදුලි සැපයුම අත් හිටුවිමක් පසුගිය වසර 20 ක කාලය තුල සිදු වී නොමැති බව විශ්ලේෂකයෝ පවසති.
උතුරු අත්ලාන්තික් සංවිධානයේ අවි රුසියානු දේශ සීමා අසල ස්ථානගත කළහොත් රුසියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
543
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්තයට විදුලිය දීම නවත්වයි