
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මෘතදේහය එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් හමුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මෙලෙස හමුවී ඇත්තේ 30 හැවිරිදි එමලි පෙල්ටොනන් නමැති එරට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාගේ දේහයයි.
මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ දිවිනසාගෙන ඇති බවය.
මළසිරුර හමුවීමත් සමඟ පාර්ලිමේන්තුවේ සියලු නිල කාර්යාල වසා දැමීමට නියෝග කර ඇති බවත්, පුළුල් පොලිස් විමර්ශන පැවැත්වෙන බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd