ජපානයේ නිදා සිටින රකුසකු බඳු ෆූජි ගිනිකන්ද කවර හෝ මොහොතක පුපුරායාමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පිරිසක් කියති.
පර්යේෂණය සිදුකළ ප්‍රංශයේ ග්‍රෙනොබල් හි පෘථිවි විද්‍යා ආයතනය හා ගෝලීය භෞතික විද්‍යා අධ්‍යයන ආයතනය ජපාන විද්‍යාඥයන් සමග එක්ව මේ පර්යේෂණය සිදුකැර තිබේ. ඔවුන් පවසන්නේ 2011 වර්ෂයේ දී ජපානයේ සිදුවූ රිච්ටර් මාපක ඒකක නමයක් ලෙස සටහන් වූ ටොහොකු නම් භූමිකම්පාවෙන් ෆූජි ගිනිකන්දට හානි සිදුව ඇති බවයි. කන්දට සිදුවූ හානි හේතුවෙන් ගිනි කන්ද ක්‍රියාශීලී වීමේ අවදානමක් ද පවතින බව ද ඔවුහු කියති.
ෆූජි ගිනිකන්ද අවසන් වතාවට ක්‍රියාශීලී වී ඇත්තේ 1707 වර්ෂයේ දී ය. එකළ එම ප්‍රදේශය එතරම් ජනාකීර්ණ නොවූ අතර ඉතා විශාල ප්‍රදේශයක ලාවා පැතිරයාමෙන් හානි සිදුව තිබේ. ගිනි අළු හා දුමාරයෙන් ද විශාල වපසරියක් වැසී ගොස් තිබිණි.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ෆ්ලොරන්ට් බ්රෙන්ගුයිර් මෙසේ කියයි.
‘‘ අපේ පර්යේෂණය අනුව ගිනි කන්ද පුපුරා යා හැකි දිනයක් ස්ථිරව ම කිව නොහැකියි. කෙසේ වෙතත් මේ කන්ද දැන් පත්ව ඇත්තේ ඉතා අන්තරාදායක තත්ත්වයකට. ඉන් සිදුවිය හැකි හානිය අතිවිශාලයි. දැන් එම ප්‍රදේශය ඉතා ජනාකීර්ණයි. ඇතැම් විට පුපුරායාමට පෙර ගිනිකන්ද ආශ්‍රිතව තවත් භූමිකම්පාවක් සිදුවීමට ඉඩ තිබෙනවා. “
2014 ජුනි 22 දින ෆූජි කන්ද ලෝක උරුමයක් ලෙස නම් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆූජි අවදිවෙයි ?
පිටබැද්දර ජයා Friday, 18 July 2014 06:57 AM
අනේ එහෙම විනාශයක් නොවේව කියල ප්‍රර්ථනා කරනවා ! (අ)
ගාමිණී - සිරි Friday, 18 July 2014 04:33 PM
ජපානයේ ෆුජියාමා ගිනි කකන්දට ජපන් ජනතාව කියන්නේ ෆුජී සාන් කියලයි ( සාන් යනු මිස්ටර්/මහත්මා යන අරුතයි.)ජපානයේ නිදාසිටින රකුසෙකු යැයි කිවුවොත් අගෞරවයක් ලෙසයි ජපන් ජාතිකයින් පිළිගන්නේ. ලෝක උරුමයක් සේ පිළිගන්නා මෙම කාටත් හිරිහැරයක් දැනට නොකරන අතර, මනස්කාන්ත මෙම දර්ශනය ඉදිරියටත් ලෝක උරුමයක්ම වේවා ! (නි)
චමින්ද Friday, 18 July 2014 10:41 AM
වෙවැනි ස්වභාවික විපත් එන්නෙත්, අනුන්ට උදව් කරගෙන ඉන්න යහපත් රටවලටයි. ඒකයි මට කණගාටු. (නි)