ජපානයේ නිදා සිටින රකුසකු බඳු ෆූජි ගිනිකන්ද කවර හෝ මොහොතක පුපුරායාමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ පිරිසක් කියති.
පර්යේෂණය සිදුකළ ප්‍රංශයේ ග්‍රෙනොබල් හි පෘථිවි විද්‍යා ආයතනය හා ගෝලීය භෞතික විද්‍යා අධ්‍යයන ආයතනය ජපාන විද්‍යාඥයන් සමග එක්ව මේ පර්යේෂණය සිදුකැර තිබේ. ඔවුන් පවසන්නේ 2011 වර්ෂයේ දී ජපානයේ සිදුවූ රිච්ටර් මාපක ඒකක නමයක් ලෙස සටහන් වූ ටොහොකු නම් භූමිකම්පාවෙන් ෆූජි ගිනිකන්දට හානි සිදුව ඇති බවයි. කන්දට සිදුවූ හානි හේතුවෙන් ගිනි කන්ද ක්‍රියාශීලී වීමේ අවදානමක් ද පවතින බව ද ඔවුහු කියති.
ෆූජි ගිනිකන්ද අවසන් වතාවට ක්‍රියාශීලී වී ඇත්තේ 1707 වර්ෂයේ දී ය. එකළ එම ප්‍රදේශය එතරම් ජනාකීර්ණ නොවූ අතර ඉතා විශාල ප්‍රදේශයක ලාවා පැතිරයාමෙන් හානි සිදුව තිබේ. ගිනි අළු හා දුමාරයෙන් ද විශාල වපසරියක් වැසී ගොස් තිබිණි.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ෆ්ලොරන්ට් බ්රෙන්ගුයිර් මෙසේ කියයි.
‘‘ අපේ පර්යේෂණය අනුව ගිනි කන්ද පුපුරා යා හැකි දිනයක් ස්ථිරව ම කිව නොහැකියි. කෙසේ වෙතත් මේ කන්ද දැන් පත්ව ඇත්තේ ඉතා අන්තරාදායක තත්ත්වයකට. ඉන් සිදුවිය හැකි හානිය අතිවිශාලයි. දැන් එම ප්‍රදේශය ඉතා ජනාකීර්ණයි. ඇතැම් විට පුපුරායාමට පෙර ගිනිකන්ද ආශ්‍රිතව තවත් භූමිකම්පාවක් සිදුවීමට ඉඩ තිබෙනවා. “
2014 ජුනි 22 දින ෆූජි කන්ද ලෝක උරුමයක් ලෙස නම් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙම විනාශයක් නොවේව කියල ප්‍රර්ථනා කරනවා ! (අ)
ජපානයේ ෆුජියාමා ගිනි කකන්දට ජපන් ජනතාව කියන්නේ ෆුජී සාන් කියලයි ( සාන් යනු මිස්ටර්/මහත්මා යන අරුතයි.)ජපානයේ නිදාසිටින රකුසෙකු යැයි කිවුවොත් අගෞරවයක් ලෙසයි ජපන් ජාතිකයින් පිළිගන්නේ. ලෝක උරුමයක් සේ පිළිගන්නා මෙම කාටත් හිරිහැරයක් දැනට නොකරන අතර, මනස්කාන්ත මෙම දර්ශනය ඉදිරියටත් ලෝක උරුමයක්ම වේවා ! (නි)
වෙවැනි ස්වභාවික විපත් එන්නෙත්, අනුන්ට උදව් කරගෙන ඉන්න යහපත් රටවලටයි. ඒකයි මට කණගාටු. (නි)