කුඩා දරුවන් බෙහෙත් දිමේ දි මැනීමට තේ හැඳි හෝ ව්‍යංජන බෙදන හැඳි භාවිතයට නුසුදුසු යැයි බ්‍රිතාන්‍යයේ විශේෂඥ ළමා රෝග වෛද්‍යරු කියති. ඒ සඳහා මිලි ලිටරවලින් මිනුම් සඳහන් කරණ ලද සිරින්ජර හෝ කෝප්ප භාවිතා කළ යුතු බව ඔවුන්ගේ මතයයි.

තේ හැදි හා මේස හැඳි භාවිතා කිරීමෙන් දහස් ගණනක් දරුවන් වාර්ෂිකව අනතුරුදායක තත්ත්වයට පත්වන බව ද ඔවුහු කියති. මෙවැනි අනතුරුවලට හේතුවී ඇත්තේ තේ හැන්දෙන් හෝ මේස හැන්දෙන් හෝ නිවැරදි මාත්‍රාව ලබාගැනීම නොහැකි වීමයි. ඇතැම් අවස්ථාවල දී ප්‍රමාණවත් මාත්‍රාව ගැනීමට නොහැකි බවත් තවත් විටෙක වැඩිපුර මාත්‍රාවක් ලැබෙන බවත් වෛද්‍යවරු කියති. කුඩා දරුවකුට මිලි ලීටර ගණනින් ලබා දෙන ඖෂධ සුළු හෝ වෙනස්කමක් ඇතිව ලබා දීම අන්තරාය බව වෛද්‍ය මතයයි.

ඇතැම් වෛද්‍යවරු ද ඖෂධවේදීන් ද බෙහෙත් නියම කිරීමේ දී මිලි ලීටර යන සම්මත මිනුම් ක්‍රම භාවිතා නොකර තේ හැදි හා මේස හැඳි යන සාපේක්ෂ මිනුම් ක්‍රමයක් භාවිතා කිරීම වරදක් බවත් ඒ හේතුවෙන් දෙමාපියන් ද දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවත් බ්‍රිතාන්‍යයේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරු කියති.