ළමා අපචාර 71ක් සඳහා වැරදිකරුවකු වූ පුද්ගලයකුට අවුරුදු 22ක සිර දඬුවමක් ලබාදීමට ලන්ඩන් අධිකරණය පසුගියදා තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රිචඩ් හකල් (30) එසේ සිරගෙට නියමවූ අතර 2014දී මලයාසියාවේ සිට යළි පැමිණෙද්දී ලන්ඩන් ආසන්නයේ ගැට්වික් ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනිණි.
සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට නැරඹිය නොහැකි විශේෂිත ඔහුගේ වෙබ් අඩවියක තමා ළමයින් 200ක් පමණ අපචාරයට ලක් කර ඇතැයි සඳහන් කරමින් හකල් බ්ලොග් සටහනක් තබා ඇත.
මැලේසියාවේ වසර 9ක කාලයක් ක්‍රිස්තියානි ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් ඔහු ළමයින් දූෂණය කර ඇති බවත් ඒ අතර අඩුම වයසේ පසුවන්නේ හය මස් හැවිරිදි බිළිඳකු බවත් එංගලන්ත අධිකරණ වාර්තා සඳහන් කරයි.
එරට ජාතික අපරාධ ඒජන්සියට අනුව ඔහු කාම්බෝජයේදීද ළමා අපචාර සිදුකර ඇතැයි කියති. තමා ළමයින් දූෂණය කරන ආකාරය ඔහු විසින්ම වීඩියෝ හා ඡායාරූප ගතකර ඔහුගේ අඳුරු වෙබ් අඩවියේ පළකර තවත් කාමාතුරයන් සමග ඒවා බෙදාහදාගෙන ඇතැයිද ඒවා සාක්කි ලෙස අධිකරණයට ඉදිරිපත් කැර ඇතැයිද කියති.
අධිකරණ වාර්තා වැඩිදුරටත් සඳහන් කරනුයේ ඔහුගේ වෙබ් අඩවිය මගින් හකල් තමා හොඳම කාමාතුරයා වෙනුවෙන් සම්මානයට පාත්‍රවන ආකාරය හඳුන්වාගෙන ඇත. ඒ ළමයින් 191ක් දූෂණය කිරීම නිමිත්තෙන් බවත් ඒ සඳහා කාමාතුරයන්ට ලකුණු ලැබෙන ආකාරයේ ලකුණු සටහනක්ද යොදා ගෙන ඇති බවත් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තෙ වැඩිපුර ඉන්නෙ සම ලිංගිකයාේ (බ)
මේ වගේ පුද්ගලයින් මානසික ලෙඩ්ඩු (නි)
මෙයාව එවන්නකො ලංකාවේ හිරගෙට, හොඳ පාඩමක් ඉගෙනගන්න. (නි)