IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ළමා අපචාර 71ක් කළාට වසර 22ක් හිරේට

ළමා අපචාර 71ක් සඳහා වැරදිකරුවකු වූ පුද්ගලයකුට අවුරුදු 22ක සිර දඬුවමක් ලබාදීමට ලන්ඩන් අධිකරණය පසුගියදා තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රිචඩ් හකල් (30) එසේ සිරගෙට නියමවූ අතර 2014දී මලයාසියාවේ සිට යළි පැමිණෙද්දී ලන්ඩන් ආසන්නයේ ගැට්වික් ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනිණි.

සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට නැරඹිය නොහැකි විශේෂිත ඔහුගේ වෙබ් අඩවියක තමා ළමයින් 200ක් පමණ අපචාරයට ලක් කර ඇතැයි සඳහන් කරමින් හකල් බ්ලොග් සටහනක් තබා ඇත.

මැලේසියාවේ වසර 9ක කාලයක් ක්‍රිස්තියානි ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් ඔහු ළමයින් දූෂණය කර ඇති බවත් ඒ අතර අඩුම වයසේ පසුවන්නේ හය මස් හැවිරිදි බිළිඳකු බවත් එංගලන්ත අධිකරණ වාර්තා සඳහන් කරයි.

එරට ජාතික අපරාධ ඒජන්සියට අනුව ඔහු කාම්බෝජයේදීද ළමා අපචාර සිදුකර ඇතැයි කියති. තමා ළමයින් දූෂණය කරන ආකාරය ඔහු විසින්ම වීඩියෝ හා ඡායාරූප ගතකර ඔහුගේ අඳුරු වෙබ් අඩවියේ පළකර තවත් කාමාතුරයන් සමග ඒවා බෙදාහදාගෙන ඇතැයිද ඒවා සාක්කි ලෙස අධිකරණයට ඉදිරිපත් කැර ඇතැයිද කියති.

අධිකරණ වාර්තා වැඩිදුරටත් සඳහන් කරනුයේ ඔහුගේ වෙබ් අඩවිය මගින් හකල් තමා හොඳම කාමාතුරයා වෙනුවෙන් සම්මානයට පාත්‍රවන ආකාරය හඳුන්වාගෙන ඇත. ඒ ළමයින් 191ක් දූෂණය කිරීම නිමිත්තෙන් බවත් ඒ සඳහා කාමාතුරයන්ට ලකුණු ලැබෙන ආකාරයේ ලකුණු සටහනක්ද යොදා ගෙන ඇති බවත් වාර්තාවේ.



අදහස් (0)

ළමා අපචාර 71ක් කළාට වසර 22ක් හිරේට

ලක්ෂි Wednesday, 08 June 2016 12:32 PM

එංගලන්ත‍ෙ වැඩිපුර ඉන්න‍ෙ සම ලිංගිකයා‍ේ (බ)

:       0       0

කිරන් Wednesday, 08 June 2016 02:15 AM

මේ වගේ පුද්ගලයින් මානසික ලෙඩ්ඩු (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 08 June 2016 03:14 AM

මෙයාව එවන්නකො ලංකාවේ හිරගෙට, හොඳ පාඩමක් ඉගෙනගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site