ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීම “කිසිසේත් පිළිගත නොහැකි යැයි” ද දෙපාර්ශවයම ඉන් වැළැකී ඉවසීමෙන් කටයුතු කළ යුතු යැයි ද රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අද (30) පැවැසීය.
ඉරාන විදේශ අමාත්‍යවරයා මුණ ගැසීමෙන් අනතුරුව හෙතෙම ඒ බව කීය.
“එවැනි ක්‍රියාමාර්ග කිසිසේත් පිළිගන්න බැහැ. එමෙන්ම එයින් කිසිවකුටත් පලක් වෙන්නේ නැහැ. එම නිසා ඉන් වැළැකී සිටින්නැයි අපි දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලනවා.
මෙවැනි දේ සිදුවීමෙන් ඉරාකයේ සහ සිරියාවේ ආරක්ෂක සහ දේශපාලන තත්ත්වය අස්ථාවර අතට හැරෙනවා. ඒ වගේම එය අසල්වැසි රටවලටත් බලපෑම් එල්ල කරනවා” යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය මොහොමඞ් ජවාද් සරීෆ් අතර හමුවක් අද (30) මොස්කව් නුවරදී පැවැත්විණි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd