සංචාරක පක්ෂීන් විශාල වශයෙන් නවාතැන් ගන්නා මොන්ගෝලියාවේ හොන්ග්ටු විලේ හංසයින් 200ක් පමණ හදිසියේ මියයෑම සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි චීන පොලිසිය පවසයි. මියගිය තාරාවුන් 26දෙනකු ද සොයාගෙන ඇත.
හංසයින්ගේ ඡායාරූප ගැනීමට විලට ගිය යුවලකට මෙම සතුන් මැරී සිටිනු දක්නට ලැබී ඇත.
ඔවුන්ගේ සිරුරුවල ස්වල්ප වශයෙන් කෘමිනාශක තිබී හමුවී ඇති බවත් එයින් පෙනී යන්නේ අනවසර දඩයම් කරුවන් විසින් මොවුන් මරාදමන්නට ඇති බවත් යයි පොලිසිය පවසයි.
මෙලෙස විෂ යොදා මැරූ පක්ෂීන් චීන අවන්හල්වල රසවත් ආහාරයක් ලෙස ඉහල මිල ගනන් වලට විකිණෙයි.
හංසයින් මැරූ දඩයක්කරුවන් පිළිබද තොරතුරක් ලබාදෙන්නෙකුට යුවාන් ලක්ෂයක් (රුපියල් 2 186 767) ලබාදෙන බව බලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් දෙවියනේ අසරණ සතුන් ..! මේ තිරිසනුන්ටත් අන්ත මිනිස් සමාජයේ නැවත නුඹලා නොඉපදේවා..! (නි)
ලංකාවෙත් හංසයෝ මරන්න ආණ්ඩුවෙන් අවසර ඉල්ලන්න ඕනෑ (නි)