ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමඟ මත ගැටුමක් ඇතිකර ගැනීමත් සමඟය.
හාවඩ් යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයයි. විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු විදිමත්ව සිදු කරන මෙන් සහ ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනයට සහාය දක්වමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුවන ශිෂ්‍ය විරෝධතා මර්දනය කරන මෙන්ට්‍රම්ප් විශ්ව විද්‍යාල පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇති අතර විශ්ව විද්‍යාල පරිපාලනය ඊට විරෝධය පළ කළ බැවින්, බදු සහන ඉවත් කරන බවට ට්‍රම්ප් තර්ජය කර ඇත.
දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන බව පවසා ඇති ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බැරැක් ඔබාමා පවා, ට්‍රම්ප් විශ්ව විද්‍යාලයට මෙසේ බලපෑම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අප්‍රසාදය පළ කර ඇතැයි පැවැසෙයි. හාවඩ් විශ්ව විද්‍යාලය යනු ඇමෙරිකාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවලින් එකකි.
(ඒ.එෆ්.පී.)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.
ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.
ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට
තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.
කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන