ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවුඞ්’ යන වදන් පෙළ, නව අවුරුදු උදාවත් සමඟ කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
‘වීඩ්’ යනු ගංජා ආදී මත්ද්‍රව්‍යයි. ඇමෙරිකාවේ ජනපද කිහිපයක් මේ වනවිට මෙවැනි මත්ද්‍රව්‍ය කිසියම් නීතිමය රාමුවක් යටතේ නීතිගත කර ඇත. එසේ මත්ද්‍රව්‍ය නීතිගත කළ ජනපද අතරට කැලිෆෝනියා ජනපදය ද මෙම නව වසරේ සිට එක් වෙයි.
හොලිවුඩ් පුරය ‘මත්ද්‍රව්‍ය තෝතැන්නක්’ යන අදහසින් ‘හොලිවුඩ්’ යන වදන් පෙළ ‘හොලිවීඩ්’ යනුවෙන් වෙනස් කිරීමට පිරිසක් කටයුතු කර ඇතැයි කියති.
ඔවුන් වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ලොස් ඇන්ජලීස් පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා මා අසා ඇති හැටියට ඖෂධයක්. එ්ත් එ්ක හැමෝටම හොඳ නැහැ. නිසි වෛද්‍යවරයෙකුගේ අවසරය ඇතුව එය නිකුත් කළයුතුයි. නීතිගත කළා කියල හැමෝටම මෙය ගන්නත්, විකුණන්නත් බැහැ. වවන්නත් බැහැ. (නි)
මේ දේශපාලුවෝ ටිකයි මේ පාතාලයයි මේ විදියට සම්බන්ධවෙලා හිටියොත් ළඟදීම මේකටත් ශ්‍රී වීඩ් නැත්නම් වීඩ් ලංකා වගේ නමක් දමන්න වෙයි මගේ හිතේ (නි)
අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය එක්ක සංසන්දනය කරලා බලනකොට ගංජා කියන්නේ ගොඩක් ආරක්ෂාකාරී මත්ද්‍රව්‍යයක්. (නි)
ගංජා කියන්නේ බෙහෙතක්. මානසික ලෙඩුන්ට වගේම පිළිකා වලටත් ගොඩක් හොඳ ඔසුවක්. නමුත් ඕනෑම දෙයක් සීමාවක් ඇතුව ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනෙක් මත් දේවල් එක්ක බැලුවම ගංජා කියන්නේ ඉතාම හොඳ දෙයක්. (නි)
ඇමරිකාවෙ ගංජා නීතිගත කිරීම බුද්ධිමත් පියවරක් ලෙස බොහෝ අය දකිනවා... මොකද ගංජා ,හෙරොයින් හෝ කොකේන් තරම් විනාෂකාරී මත්ද්‍රව්‍යක් නොවේ... අනෙක ගංජා නීතිගත කිරීමෙන් එහි මිල අනෙක් මත්ද්‍රව්‍යන්ට සාපෙක්ෂව අඩුවෙන නිස මිනිස්සු වෙනත් මත්ද්‍රව්‍ය කරා ඇදෙන එක අඩුවෙනවා..(අ).
ලංකාවෙත් ගංජා නීති ගත කරමුද ? (අ)