ඇමරිකා ජනපතිවරණ අපේක්ෂකයන් තේරීමේ ඡන්ද සටනේ දී වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජය හිමිකරගැනීමට බර්නි සැන්ඩර්ස් සමත්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි.
ඒ ප්‍රබල තරගකාරියක් වන හිලරි ක්ලින්ටන් පරාජය කරමිනි. එම ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරගයෙන් ජය හිමිකරගත්තේය.
ඒ අනුව ඇමරිකා ජනපතිවරණ සටනට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් තේරී පත්ව ඇතැයි ඇමරිකා මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නමුත් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය වෙනුවෙන් සටන තීව්‍රවී ඇති බවත් එහි අපේක්ෂකයා කවුදැයි මෙතෙක් තෝරාගෙන නැති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට ආවඩපු කාටවත් හරියන්නේ නැහැ (නි)
ට්‍රම්ප්, හිලරි දෙන්නගෙම විදේශ ප්‍රතිපත්තිය භයානකයි. ට්‍රම්ප් ජනාධිපති වෙන්නත් කලින් කියන දේවල් අනුව එ්ක තේරෙනවා. හිලරි රාජ්‍ය ලේකම් වෙලා ඉන්න කාලේ ලෝකය ගිනි තිබ්බා. මේ දෙන්නගෙන් කෙනෙක් ආවොත් මුළු ලෝකයම අනතුරේ. (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවොත් ත්‍රස්තවාදයට අබ සරණයි. (ර)
හිලරි ක්ලින්ටන් පසුගිය වතාවේ ජනාධිපතිවරණයේදී කොටි සංවිධානයෙන් මුදල් ආධාර ලබා ගත්තා කියා කියනවා නේද? කොටි සිතුවේ හිලරි ක්ලින්ටන් ජනාධිපති වේවි කියලා. නැවත එම මුදල් ආපසු දුන් නමුත් හිලරි ක්ලින්ටන්ට මෙය ඉතාම අවාසිසහගත තත්වයක් වුණා (නි)
කවුරු ආවත් යූ.එස්.ඒ. විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ. (නි)